(මනෝප්‍රිය ගුණසේකර)
විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රතිපාදන වලට පටහැනි අකාරයට කටයුතු කොට රුපියල් කෝටි 60 ක මුදලක් වැය කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බේදා දුන් බවට හිටපු ඡනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනුෂ පැල්පිට මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් පොදු දේපළ පණත යටතේ පවරා තිබු නඩුවේ අධිචෝදනා පත්‍රය සංශෝධනය කොට ඔවුන්ට එරෙහිව දණ්ඩ නීතී සංග්‍රහය යටතේ චෝදනා ගොනු කළේය.
පොදු දේපළ පණත යටතේ මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා පැමිණිල්ලේ සාක්කි විභාග කොට අවසන් කිරීමෙන් අනතුරුව විත්තිය වෙනුවෙන් සාක්කි ඉදිරිපත් කරමින් තිබියදී පොදු දේපළ පණත යටතේ ඉදිරිපත් කොට තිබු අධිචෝදනා පත්‍රය සංශෝධනය කොට දණ්ඩ නීතී සංග්‍රහය යටතේ චොදනා ඉදිරිපත් කිරීමට නීතීපතිවරයා මෙලෙස පියවර ගනු ලැබීණි.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් වු පසුව හිටපු ඡනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සාක්කි කූඩුවට නැඟ සාක්කි ලබා දුන් අතර විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනුෂ පැල්පිට මහතා විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් ලබාදුන්නේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ මෙම නඩුව විභාග කෙරේ.
2025 දෙසැම්බර් මස 18
279
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිල්රෙදි නඩුවේ අධිචෝදනා පත්‍රය සංශෝදනය කරයි
Abilic Monday, 06 March 2017 04:02 PM
මේ ගොල්ලෝ හිතල තියනවා අපේ සිල් අම්මල මෙච්චර කල් නිරුවතින් සිල් ගන්න ආව කියල.