රොමේෂ් මධුෂංඛ
යාපනය සුලිපුරම් ප්‍රදේශයේ දී ඝාතනය කෙරුණු 6 හැවිරිදි පාසල් දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ජුලි 11 වැනි දා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට මල්ලාකම් මහෙස්ත්‍රාත් එස්. ඇලෙක්ස්රාජ් මහතා නියෝග කළේය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය 6 හැවිරිදි සිවනේසවරන් රෙජීනා දැරියගේ ඥාති පුද්ගලයකු ඇතුළු තවත් අයකු බවට වඩුක්කොඩෙයි පොලීසිය පවසයි.
ඉකුත් 27 වැනි දා රෙජීනා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගෙන ඔහුද ජුලි 11 වැනි දා දක්වා බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පසුගිය 25 වැනි දා රෙජීනා දැරියගේ මළ සිරුර හමු වූවේ සුලිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබියදීය. පසුව පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනාවරණය වූවේ දැරියගේ ගෙල සිරකර මරා දමා ළිඳට දමා ඇති බවටයි.
ඒ අනුව මේ වන විට රෙජීනා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුලිපුරම් දැරියගේ ඝාතනයට තව දෙදෙනෙක් රිමාන්ඩ්