සිසු අයිතීන් මුල් කරගනිමින් කොළඹදී ඊයේ (21) පැවැති උද්ඝෝෂණයට එල්ල වු ප්‍රහාරය හෙලා දකිමින් සබරගමු සරසවි සිසුහු අද (22) විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුහ.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 17 දෙනකුගේ පංති තහනම් කිරීම්, ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් , විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තාක්ෂණ පීඨයේ ශිෂ්‍යයන්ට වසර එක හමාරක පමණ කාලයක් කිසිදු විභාගයකට ඉදිරිපත්වීමට අවසර නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල සිසුහු ඊයේ (21) කොළඹදී එම උද්ඝෝෂණය පැවැත්වුහ.
එම පහරදීමේ සිදුවීමට විරෝධය පාමින් සටන් පාඨ පුවරු රැගත් එක්දහස් පන්සියයකට ආසන්න සිසු පිරිසක් සබරගමු විශ්වවිද්‍යාලයීය ප්‍රධාන දොරටුව ඉදිරිපිට මෙලෙස විරෝධතාවයෙහි නිරත වුහ.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක ගමගේ සිසුවා සඳහන් කළේ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා සාකච්ඡා කිරීමට මාධ්‍ය ඉදිරියට පැමිණිමට යැයි සිසුන්ට ආරාධනා කළත් සාකච්ඡා පවත්වන්න ගිය විටදී පහරදිම් සිදු කරන බවයි.




COMMENTS
අයිතිය ගැන විතරද කතාව ? තමන්ගෙන් රටට විය යුතු යුතුකම් ගැන දන්නේ නැද්ද ? ආ ඒවා තියෙන්නේ මේ රටේ ඉන්න වැස්සකටවත් සරසවියට නොගිය අයට විතරනේ. අපි සියල්ල දත් කොට්ටාශය ! අපි කියන හැටියට තමයි මේරටේ ඉහ නිකට පැහුණු මුත්තලා පවා වැඩ කරන්න ඕන.
තමන්ගේ මව්පියන් කුඩා කාලයේ පහරක් ගහලා හරි වැරැද්දට මට්ටු කලේ නැති තමයි දැන් මේ පහර කෑමක් ගැන කතා කරන්න වෙලා තියෙන්නේ. ආණ්ඩුවයි රටේ මිනිස්සුයි මට්ටුකරන්න යන්න කලින් හරියට විභාග පාස් කරගෙන හැදිලා හිටපන් කියා මහ ගෙවල් වලින් උපදෙසක් නොලැබුන එකේ රඟ!
හැම දෙයක්ම නිකම් ලැබෙනකොට වටිනාකමක් නැහැ. පන්ති තහනම් කරන්නේ අදාළ නිලධාරීන්ගේ මොලේ අමාරුවට නෙවෙයිනේ. ඊළඟට ඔතනට එන ළමයින් ඉගෙන ගන්න ඕන නැද්ද ? අපි 1987 උසස් පෙළ කරලා සරසවියට තේරිලා අවරුදු ගානක් ගෙදරට නාකි වුනේ මේ වගේ අය ටිකක් නිසා. වසර ගානක් සරසවි වහලා තිබ්බා. එකේ පාඩුව අපි තවමත් ඉසකෙස් සුදු වෙලාත් ගෙවනවා.
සාකච්චාවට බොහොම වැදගත් විදියට යන්න ඇති කියලා මේ පින්තුර වලින්ම පේනවා. රටේ මිනිස්සුන්ටයි ආණ්ඩුවටයි පාඩම් උගන්වන්න යන වෙලාවේ තමන් සරසවි දේශන වලට යන්න. ඔබලාගේ දේශනා අහලාම දැන් මේ රටේ බදු ගෙවන ජනතාවට ඇති වෙලා.
නිකම්ම පාගමන් වලට පහර දෙනවාද? රටේ සිවිල් නීතියක් කියලා දෙයක් තියනවා නේද? ඒවා උල්ලංඝනය කරමින් මහජනයාට අවහිර කරමින් යන පාගමන් වලට පාවාඩ එලන්නද කියන්නේ. එහෙමනම් හවසට ගමේ පාරවල් දිගේ පාගමන් යන අම්බරුවන්ටත් පහර වැදෙන්න ඕන. ඒ සතුනුත් පිළිවෙලට මීට වඩා හොඳින් පාගමන් යනවා.
මේ අය හැමතිස්සෙම කතා කරන්නේ අයිතීන් ගැන විතරයි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන තමන්ගෙන් රටට විය යුතු සේවය ගැන හිතන්නේ නැහැ.
මේගොල්ලන් තමයි අනාගතයේදී කවදා හරි දියව් දියව් කියලා වයසක දෙමව්පියන්ගේනුත් අයිතිවාසිකම් ඉල්ලන්නේ. අපි දන්නා පවුලක ඔය සරසවි සිසු අයිතිවාසිකම් ගැන අරගල කරපු පුතෙක් දැන් ඕස්ට්‍රේලියාවේ ලොකු රස්සාවක. යන්න කලින් පියාගේ මහ ගෙදර බලෙන් ලියවාගෙන විකුනලා ගියේ. දැන් මහලු මව්පියන් බලා ගන්නේ උසස්පෙළ සමත් වෙලා ලිපිකරු රැකියාවකට ගිය අනෙක් පුතා. ඔන්න මහාලොකු සිසු අරගලයේ යතාර්ථය.
අධ්‍යාපනය නිකන් දෙන්න, ආහාර නිකන් දෙන්න, ප්‍රවාහනය නොමිලේ දෙන්න, හැම එකම නිකන් දෙන්න. මේ කෑ ගහන එක්කෙනෙක්වත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව රටට වැඩක් කරලා තියෙනවද කියලා තමුන්ගේම පපුවට තට්ටු කරලා බැලුවොත් හොඳයි. මේ රටේ හමුදාවේ අය ඇරුනම අනිත් එක්කෙනෙක්වත් රටට කරපු දෙයක් නැත. අනිත් අය පොඩි දේටත් වර්ජන කරන කොට හමුදා සෙබළුන් වන අපි ඒවා කරන්න ඕන. හැම එකම නොමිලේ දුන්නම වටිනා කමක් නැහැ මම හිතන විදියට අන්තරේ ළමයි එක්කෝ සල්ලි තියෙන තැනක ලමයෙක්