IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිරියාවේ ගුවන් ප්‍රහාරවලින් 94 ක් මරුට

සිරියාවේ කැරළි කණ්ඩායම් යටතේ පවතින නැගෙනහිර ගොවුටා ප්‍රදේශය වෙත සිරියානු රජයේ හමුදා විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් දරුවන් 20දෙනකු ඇතුළු සාමාන්‍ය වැසියන් 94දෙනකු පමණ මියගොස් ඇතැයි යුද නිරික්ෂක කණ්ඩායම් පවසති.
 
ඒ ආසන්නයේ පිහිටි දමස්කස් නගරයේද ගුවන් ප්‍රහාර, රොකට් ප්‍රහාර හා ෂෙල් වෙඩි හේතුවෙන් 325දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ නැගෙනහිර ගොවුටාහි 400000ක පමණ පිරිසක් ජීවත් වන බවයි. 
 
2013 වසරේ සිට පවතින ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වන විට ජීවිත රැසක් අහිමි වී ඇති බවද බොහෝ පිරිසක් අවතැන් වි ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
 
ගොවුටාව දමස්කස් ආසන්නයේ කැරළිකරුවන්ගේ ග්‍රහණයේ පවතින අවසන් බල ප්‍රදේශය වන අතර සිරියානු හමුදා මෙම ප්‍රදේශය නතුකරගැනීම සඳහා පෙබරවාරි මුල් සතියේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබීය.
 
(රොයිටර් ඇසුරිනි - 085)



අදහස් (0)

සිරියාවේ ගුවන් ප්‍රහාරවලින් 94 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site