IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සරත් කුමාර ගුණරත්නට එරෙහි නඩුවේ නීතීපතිගේ ස්ථාවරය අගොස්තු 29 වැනි දා


 
 
 
(මනෝප‍්‍රිය ගුණසේකර)
 
මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් මුදල් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිනපොත් මුද්‍රණය කර රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් කළ බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුවේ නීතීපතිවරයාගේ ස්ථාවරය ලබන අගොස්තු 29 වැනි දා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත්  අබේකොන්  මහතා අද (23) නියම කළේය.
 
බරපතල දුෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ ඉදිරිපත් වු සාක්කි මෙම නඩුවට අදාළ කරගන්නැයි විත්තියෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.


මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ චන්දන පැල්පිට, පියල් අබේසේකර, හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න, ඔහුගේ බෑනා වන උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ, ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ ලක්මිණ මුනිදාස නමැත්තන්ටය.


බරපතල සංචා සහ දුෂණ විමර්ශන කොමිසම හමුවේ මුලින්ම මේ පිළිබඳ තොරතුරු හෙළි වු අතර එහි නිර්දේශ මත රහස් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයකින් පසුව නිතීපතිවරයා විසින් විත්තිකරුවන්ට   එරෙහිව   මෙලෙස අධිචෝදනා ගොනු කර ඇත.


මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.


මෙම නඩුව ලබන අගොස්තු 29 වැනි දා යළි කැඳවීමට ද විනිසුරුවරයා නියම කළේය.



අදහස් (0)

සරත් කුමාර ගුණරත්නට එරෙහි නඩුවේ නීතීපතිගේ ස්ථාවරය අගොස්තු 29 වැනි දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site