(ජයන්ත සමරකෝන්)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශයකට අනුව ජනාධිපති පොදු සමාව යටතේ සුළු වැරදි මත සිර දඩුවම් ලැබු සිරකරුවෝ 254 දෙනෙක් අද ( 20) නිදහස ලබා පිටව ගියහ.
මිනිමැරුම්,මං කොල්ල කෑම් , ස්ත්‍රී දූෂණ,ළමා අපචාර,මත්කුඩු ජාවාරම්,පැහැරගැනීම් ඇතුළු බරපතල ගණයේ චෝදනා 30 ක් සම්බන්ධව වරදකරුවන් වූවන්ට මෙම වරප්‍රසාදය හිමි නොවූ බව බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා කීවේය.
වයස අවුරුදු 65ට වැඩි සුළු වැරදි මත දඬුවම් ලබා සිටි සිරකරුවන් මෙලෙස නිදහස ලබා තිබේ.
මීට මාස තුනකට පෙර බන්ධනාගාර මූලස්ථානයට හිටපු ජනාධිපතිවරයා වෙත ලබා දී තිබූ නම් ලැයිසුතුවකට ඉකුත් 13 වැනිදා ජනාධිපති පොදු සමාව පිළිබඳව අනුමැතිය හිමිවී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගේ නාමෙන් ඊළඟ සමා ලැයිස්තුවෙන් 65ට අඩු අය එහෙම ගෙදර යවන්න එපා.