(ඩයනා උදයංගනී)
මාළබේ ‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පුද්ගලික හිමිකාරීත්වය අහෝසි කර එය රාජ්‍ය හා පෞද්ගලික හවුල් පාලනයක් ඇති ආයතනයක් බවට පත් කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමය පවසයි.
එහි දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ තත්ත්වය විශ්ලේෂණය කිරීමට කමිටුවක් පත් කළ යුතු බවත් සීමාවාසික පුහුණු කාලය දෙගුණ කළ යුතු බවත් එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මනුල පෙරේරා මහතා පවසයි.
වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගැනීමට එමගින් පවත්වන විභාගයට පෙනී සිටීමට අවස්ථාවක් ලබාදීය යුතු බවත් මෙරට වෛද්‍ය අධ්‍යාපනය හා වෛද්‍ය උපාධිය ලැබීමටත් වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචිවීමටත් අවශ්‍ය නිර්දේශ මාස තුනක් ඇතුළත ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කළ යුතු බවත් ඒ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද(06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
ඔය සංගමේ සභාපතිගෙ නම නෙවිල් ප්‍රනාන්දුද?
වෙඩි තබා ගැනීමේ නාටකයේ තුන්වෙනි ජවනිකාව. අධ්‍යක්ෂණය නෙවිල් ප්‍රනාන්දු .
එතකොට අර ළමයින්ගෙන් අයකරපු කෝටි 1000කට වැඩි සල්ලි වලින් භාගයක් රජයට දෙනවද? අනේ මම දන්නේ නැති නිසයි අහන්නේ.
ඇත්තටම ඒක තමයි වෙන්න ඕනි. සම්පූර්ණයෙන් රජයට පවර ගැනීම මෝඩකමක්
පිස්සුද මේකෝලම කීයටවත් එපා - රජය
මේක පටන් ගත්තෙ ඔයගොල්ලන්ගෙ පක්ෂයෙ රජයක් තියෙනකොට නේද ? ඇයි එදා මේක කිව්වෙ නැත්තෙ ? ජීවිතයට තියෙන බයට නෙවෙයි නේද ?
ගෝත්‍රික සම්ප්‍රදායෙන් මිදෙන තුරු අපේ රටට ගැලවීමක් නැහැ...
දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ තත්වය විහ්ලේෂණය කිරීමට කමිටුවක් පත් කළ යුතු බවත් සීමාවාසික පුහුණු කාලය දෙගුණ කළ යුතු බවත්, කියනවානම් මොකටද රජයට පවරා ගන්නේ?
දොං නං දොං ,සිමං නම් සිමං . දොනුයි සිමනුයි දෙකම බෑ . ගන්නව නම් සම්පුර්ණයෙන්ම ගන්න ඕන.ලාභ පංගුව මුදලාලිට වියදම සාමාන්‍ය මිනිස්සුන්ට හොද විහිලු මේවා. ඕක පටං ගනිද්දි මේ මහත්තුරු මොන ලෝකෙද දන්නෙ නෑ හිටියෙ.