ඉදිරි දින දෙක ඇතුළත සයිටම් අවසන් විසඳුම ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ දෙහිඕවිට අභිනවාරාමයේ දැන් පැවැත්වෙන රන්වැට විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
ඉදිරි දින දෙක ඇතුළත සයිටම් අවසන් විසඳුම ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ දෙහිඕවිට අභිනවාරාමයේ දැන් පැවැත්වෙන රන්වැට විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
COMMENTS
තාම නැකත් නැතුව ඇති නේද ඕක කියන්න
ඒක අවසන් විසඳුමක් වෙන්නේ සයිටම් අහෝසි කරලා එකේ ඉන්න සුදුසුකම් තියෙන ළමයින්ට නිසි පුහුණුවක් දෙන වැඩ පිළිවෙලක් සකසනවානම් පමණයි. නැත්නම් විශාල අර්බුද ඇති වෙන එක සහතිකයි.
මම මෙයට දෙසතියකට පෙර කියූ දෙය.. සුළු ජාතික චන්ද වලින් බලය රැකගැනීම සදහා රට පාවාදෙන මොහොත ආසන්නයි. අපි එළිපිට කෑගසුවද අපි නොදැන ඉතා සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව සියල්ල සිදුවෙමින් පවතී. ඒ සදහා හාමුදුරුවරුන් අතර ගැටුම් සිංහල සංවිධාන අතර ගැටුම් බුද්ධිමතුන් අතර, කලාකරුවන් වැනි සියලු පාර්ශවයන් අතර ගැටුම් නිර්මාණය කර සාමාන්‍ය ජනයා කොයි දේ හරිද කියා සිතාගන්නට නොහැකි තැනට දමා සියලු මාධ්‍ය බෙදුම්වාදයට හිතකර දේ පමණක් පළකරන්නට බලය යොදවා ක්ෂණිකව පනත සම්මත කර රට බෙදන මොහොත අත ලගය. තිබෙන ආරංචි අනුව උපක්‍රමයක් ලෙස රට බෙදන පනත සම්මත කරන්නට මොහොතකට පෙර සයිටම් ගැටලුවට දොස්තරලා සතුටු කරන විසදුමක් ලබාදී එහි සතුට මහජනයා විදින මොහොතේ රට බෙදන පනත සම්මත කරගනු ලබයි.........
ඔතන තියෙන්නේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය පිලිබඳ ගැටළුවක් නොවේ. මෙතන තිබෙන්නේ, ලංකාව තුල වෛද්‍ය විද්‍යාව හැදෑරීම ගැන තිබෙන ගැටලුවයි. පවතින කුමන වර්ගයේ හෝ ආයතනයක ප්‍රමිතිය හදන්න අවශ්‍ය නම් රටකට එය විශාල ගැටළුවක් නොවෙයි එසේ නම් මෙතරම් කලක් බලා නොසිට ඔය ආයතනය ගැන තීරණයක් ගන්න තිබුනනේ. සයිටම් එක ඉස්සරහට දමලා තමන්ගේ ගෝත්‍රිකවාදී පටු අරමුණු ඉටුකරගන්න තමයි හැමෝම උත්සහ කරන්නේ.
ප්‍රමිතිය ගැන නම් දැනටත් ගැටළුවක් නැහැ මගේ හිතේ හිත්වල තියන කුහකකම ඉවත් කර ගත්තොත් ප්‍රමිතිය පෙනෙයි ඉබේටම.
මේක මහපාරේ තප්පුලන මී හරක් සහ නිවාස තුල සිට නිහඩ විප්ලව කරන මනුෂ්‍යයින් අතර සිදුවන සටනක්ම පමණක් නොවෙයි මෙය ශ්‍රී ලංකාවේ අනාගතය පිලිබඳ තීරණය වන ඓතිහාසික තීන්දුවක්. ජාතිය ජන්මය ආගමෙන් එහා ජනතාව තීන්දු තීරණ ගැනීමට පොළඹවන තීන්දුවක්. මෙරට බහුතර ජාතිය තීන්දුකරන හැරවුම් ලක්ෂයක්. අපට අවශ්‍යවන්නේ එක ජාතියකට සීමා වුන රටක් නොවෙයි. මනුෂ්‍යයින්ට නිදහසේ ජීවත්වීමට හා අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය නිදහස් රටක් පමණි.
මෙතන කිසිම ප්‍රශ්නයක් අපට නම් පෙනෙන්නේ නැත. අපිත් ලංකාවේ විශ්වවිද්‍යාලවලින් උපාධි අරගෙන පාරවල් ගානේ එක දවසක්වත් රස්තියාදු නොවී අපගේ දෙමව්පියන්ට කිසිම බරක් නොවී ඔවුන්ව පෝෂණය කරනවා. මෙතන තියෙන ප්‍රශ්නය තමන්ගේ තියෙන නුසුදුසුකම් සහ තරගයකට මුහුණදීමට තියෙන බයට දක්ෂයින්ව පාගාගෙන ඉන්න තියෙන වටපිටාවක් හදාගන්න උත්සහකිරිම.
ලංකාව වැනි දුපත් වාසී ගෝත්‍රික ,තක්කඩි දේශපාලකයින් ඉන්න රටක ප්‍රමිතිය ගැන කතා කිරීමත් විහිළුවකි.දොස්තරවරයෙකු බිහි කල යුත්තේ රජයේ වෛද්‍ය විදුහලකින් පමණි. ප්‍රංශය දියුණු රටක් වුනත් වෙනත් බොහෝ උපාධි ආයතන ඇතත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල නැත.එංගලන්තයත් එසේම යයි සිතමි.
සයිටම් වසා සයිටම් සහ අනිකුත් සියලුම සිසුන්ට සාධාරණය කරන්න. පූර්ණ බලතල ඇති ජනධිපතිට මරණීය දණ්ඩනයට නියම වූ අයකුට නිදහස දෙන්න පුලුවන්නම් හොර සයිටම් වසා දමා මෙම ජාතික ගැටලුව විසදන්න උතුමාණනි.
මේ ගැටලුව ගොඩින් බේරාගනීමට තිබුනු අවකාශ දැන් ඉවරයි, හේතුව මේක තදින්ම දේශපාළනීකරණය වී තිබීමයි. මෙයට සම්බන්ධ දේශපාලකයෝ මෙය පුළුවන් තරම් දුරට ඇදගෙන යනවා සමස්ත රටම අකර්මන්‍ය වෙන විධියේ මහා වැඩ වර්ඡනයක් දක්වා දැන් වෛද්‍ය ශිෂ්‍යන්ටත් අවශ්‍ය උනත් මෙය නවත්වනු නොහැකියි මේ ගැටුම්වල වර්ථමාන වර්ධනයට අනුව ඊළග ගැටුම් වළදී පොලිසිය ගුටි කන්නත් ඉඩ තියෙනවා, රජය මේ කාරනාව ඇද ඇද යන්නේ නැතිව අවසාන කරගැනීම රජයටම ගුණදායක බව වට පිටින් බලන අපිට පෙනෙන්නට තියෙනවා
ඉදිරි දින දෙක ඇතුළත සයිටම් අවසන් විසඳුම ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අද 28යි දින 5ක් ගත වුණා. ඒත් රටේ නායකයා උත්තර සොයසොයා ඇවිදිනවා. වසරක් ගතවෙලා ලබන වසර මුල ඡන්දෙකුත් එනවා. ඒකෙත් ප්‍රතිඵල බලලාම තීන්දුව දෙන්න ඉන්නවද දන්නේ නෑ.