(සුජිත් හේවාජූලිගේ සහ ඩයනා උදයංගනී)
පළාත් සභා සීමා නිර්ණ වාර්තාවට තමාත් විරුද්ධ යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා අද(24) පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ විවාදයේදීය.
ඇමති ෆයිසර් මුස්තාපා මහතා මෙසේ ද කීය.
“මේ වාර්තාවේ අඩුපාඩු තියෙනවා. මේක මම හදපු වාර්තාවක් නෙවෙයි. වාර්තාව හැදුවේ ජනාධිපතිතුමා පත් කරපු කමිටුවක් විසිනුයි. මම දන්න නීතියට අනුව මේ වාර්තාවට අදාළව විවාදය පැවැත්වීමේ මාස පහක පරක්කුවක් තියෙනවා. මම මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මාර්තු 8 වැනිදායි.
මේ වාර්තාවට අද ඕනෑම කෙනෙකුට පක්ෂ වෙන්නත් විරුද්ධ වෙන්නත් පුළුවන්. අභියාචනා ක්රියාදාමයේ අයිතිය මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරුන් 225 දෙනාට ම තියෙනවා. පනතේ වගන්ති මම උල්ලංඝණය කරලා නැහැ. වාර්තාව මම සභාගත කළා. පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කරන්නේ මම නෙවෙයි. ඡන්දය කල් දැමීමේ අවශ්‍යතාවක් අපට නැහැ.”
COMMENTS
එතකොට කවුද දෙයියනේ මේ පනත විවාදයට ගැනීම ප්‍රමාද කලේ ? සභා නායකද?
බලාගෙන යනකොට මේක අවජාතක වාර්තාවක්... දැන් ඉතිං පළාත් සභා ඡන්දෙ තියන්න වෙන්නේ පරණ මනාප ක්‍රමයටම තමයි. අපරාදේ මේ වාර්තාව හදන්න කෝටිගාණක් සල්ලි වියදම් කළේ...
කොහොම කොහොම හරි දැන් ඉතින් ගෙම්බන්ට රජ මගුල් කිව්වලු. වැඩියෙන් පගාව දෙන පැත්තට ඔන්න පැන්නා.