(නාලක සංජීව දහනායක)
නව මැතිවරණ ක‍්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සීමානීර්ණ කමිටු වාර්තාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත.
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) පාර්ලිමේන්තුවේ පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
සීමානීර්ණ කමිටු වාර්තවෙන් ඇතැම් ජන කණ්ඩායම් වලට ආසාධාරණයක් සිදුකර ඇති බවත් නව මැතිවරණ ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමෙන් ජාතීන් අතර සංහිඳයාවක් ඇති නොවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා පැවසීය. ඊට අමතරව පනතට විරුද්ධවීම සඳහා තවත් හේතු ගණනාවක් තිබෙන බවද මන්ත‍්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (23) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
අවුරුදු දහයක් රට පාලනය කරලා මේ රට විනාශ කරා ඇදගෙන යන ගමන නවත්වන්න රටේ ජනතාව මොවුන්ව විපක්ෂයට තල්ලු කෙරුවේ. අදත් එතන ඉදගෙන මේ රට විනාශ කරන්න කරන කුමන්ත්‍රණ උගුල් ඇටවිම් හා කඩාකප්පල්කාරී ක්‍රියාවල නිමක් නැහැ. මුලු රටම විරුද්ධ වුන සමානුපාතික ඡන්ද ක්‍රමය රකින්න මේ ඒකාබද්ධයට ඕනා වෙලා තියෙන්නේ ඒක නිසයි. ඕනම දෙයක් අලුතෙන් කරන විට එහී අඩුපාඩු දුර්වලකම් හා වැරදි තිබිය හැකි නමුත් රටට ආදරය කරන රටේ දියුණුව හා යහපත සිතන පක්ෂ හා කණ්ඩායම් ඒ අඩුපාඩු හදාගෙන රටට වඩාත් හොද හා නිවැරදි ක්‍රමයක් ලබා දෙන්න මහන්සි වෙන නමුත් මේ අය ඒ වෙනුවට කරන්නේ අර දූෂිත ප්‍රෝඩාකාරී හා අමානුෂික ඡන්ද ක්‍රමය පවත්වාගෙන යෑමට හැකි තරම් උපාය හා උප්පරවැට්ටි යොදමින් රටට වින කටිමින් සතුටු වීමටය.