IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සාම නොබෙල් ත්‍යාගය කොංගෝවට-ඉරාකයට

 

 

ඔස්ලෝහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)

කොංගෝ රාජ්‍යයේ ඩෙනිස් මුක්වේගේ සහ ඉරාකයේ නාඩියා මුරාද් මේ වසර සඳහා පිරිනැමෙන නොබෙල් සාම ත්‍යාගය දිනාගන්නා බව නොබෙල් කමිටුව අද (5) නිවේදනය කළේය. 

කොංගෝ ජනරජයේ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කිරීම සහ ඉරාකයේ ලිංගික වහල් වෙළෙඳාමට සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනිසිටීම යන කරුණු මුල් කරගනිමින් ඩෙනිස් මුක්වේගේ සහ නාඩියා මුරාද් එලෙස නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීමට නියමිතය. 

ඩෙනිස් මුක්වේගේ කොංගෝ ජනරජයේ නාරිවේදය පිළිබඳ විශේෂ වෛද්‍යවරයෙකි. නාඩියා මුරාද් ඉරාක මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. ඇය ඉරාකයේ ක්‍රියාත්මක අයි.එස් සංවිධානයේ ලිංගික වහල් සේවයට ගොදුරුව ඉන් දිවි ගලවාගත් තැනැත්තියකි. ඇය ඉරාකයේ යසීදි ප්‍රජාව නියෝජනය කරන්නියකි. 

“ලිංගික ප්‍රචණ්ඩත්වය යුද්ධයේ අවියක් කරගැනීම වැළැක්වීම වෙනුවෙන් සටන් වැදීම” යන පාඨය යටතේ ඔවුන් දෙදෙනාට නොබෙල් සාම ත්‍යාගය හිමිවන බව නෝර්වේජියානු නොබෙල් කමිටුව සඳහන් කළේය. 

මුක්වේගේ කොංගෝ ජනරජයේ නැගෙනහිර පිහිටි නගරයක් වන බුකාවු පන්සි රෝහලේ සේවයේ යෙදෙමින් ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකි. 

ඔහු 1999 වසරේදී සායනයක් ආරම්භ කර ඇති අතර සෑම වසරකදීම මුක්වේගේ සායනයට කාන්තාවන් දහස් ගණනින් පැමිණ ඇත. ඔවුන්ගේ බොහෝ දෙනා ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවෝ වන අතර ඔවුන්ගෙන් ද බොහෝ දෙනා ශල්‍යකර්මවලට භාජනය කළ යුතව තිබී ඇත. 

මුරාද් ඉරාකයේ යසිදි සුළුතර ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනි සිටින්නියකි. ඇය සරණාගත සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තම කැප කළ අතර 2014 වසරේදී අයි.එස් ත්‍රස්තයන්ගේ ගොදුරක් බවට පත්විය. අයි.එස් ත්‍රස්තයන් මොසුල් නුවරදී ඇය අතවරයට ලක් කළ බව ද පැවසේ. 

සෑම නොබෙල් ත්‍යාගයක් වෙනුවෙන් ස්වීඩන ක්‍රොනෝර් මිලියන නවයක ත්‍යාග මුදලක් ප්‍රදානය කෙරේ. සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා එම ත්‍යාග මුදල පදක්කම පිරිනමයි. නොබෙල් ත්‍යාග ලබාදීම ආරම්භ කළ ඇල්ෆ්‍රඞ් නොබෙල්ගේ අභාවප්‍රාප්ත වූයේ 1896 දෙසැම්බර් 10 වැනිදාය. 

එම දිනය සිහිකරනු වස් සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී නොබෙල් ත්‍යාගලාභීන් කවුරුන් ද යන වග නිවේදනය කරන අතර පදක්කම් සහ ත්‍යාග මුදල් පිරිනැමෙන්නේ දෙසැම්බර් 10 වැනිදාය. නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරීම ආරම්භ කරන්නේ 1895 වසරේදීය. 

055

 

 

 



අදහස් (0)

සාම නොබෙල් ත්‍යාගය කොංගෝවට-ඉරාකයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site