(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැමියාට ලබා දීම සඳහා හෙරොයින් මත්කුඩු පැකට් 40ක් හැට්ටයේ සඟවා ගෙන පැමිණි 19 හැවිරිදි කාන්තාවක් අද (16) පොලිසිය තුලදීම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දුෂණ මර්දන අංශය කියයි.
රත්මලාන දුම්රිය පොල අසලදී හෙරෝයින් මත්කුඩු මිලි ග්‍රෑම් 580 සමඟ සැකකාරියගේ සැමියා අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටියදී ඔහුට දහවල් ආහාර ලබා දෙන මුවාවෙන් බත් පාර්සලයක් ද රැගෙන සැකකාර කාන්තාව පොලිසිය තුළට පැමිණි බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම කාන්තාව සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් හේතුවෙන් පොලිස් කාන්තාවක ලවා එම කාන්තාව පරීක්ෂා කිරීමේදී ඉතා සූක්ෂම අයුරින් හැට්ටය තුළ සඟවා ගෙන සිට මත්කුඩු පැකට් තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වනසන මේ මත්කුඩු ව්‍යාපාරය සමුල ඝාතනය කල යුතු අතර ඒ සදහා රටේ දැනට පවතින නීති ප්‍රමාණවත් නැතිනම් වහාම අවශ්‍ය නීතී සම්මත කිරිමටත් තිබෙන නීති උපරිමව ක්‍රියාත්මක කිරිමටත් රජයට බල කිරිමට මත්ද්‍රව්‍ය විරෝධී ජනතාව පෙල ගැසීය යුතුය.
මේ අහුවෙච්ච එකක්. තව කොච්චරනම් යනවා ඇද්ද?