සිම්බාබ්වේ හිටපු ජනපති රොබට් මුගාබේ වටා සිටි ‘අපරාධකරුවන්ට‘ එරෙහිව කරන ලදැයි පැවසෙන හමුදා ක්‍රියාන්විතයේ දී අත්අඩංගුවට ගෙන සිටි එරට හිටපු මුදල් අමාත්‍ය ඉග්නේෂියස් චොම්බෝ මහතා පොලිසියට බාර දී ඇතැයි වාර්තා වේ.
හිටපු මුදල් අමාත්‍යවරයාගේ ඥාතියකු වන අනන්‍යතාව හෙළි කිරීමට අකමැති පුද්ගලයකු පැවසුවේ චොම්බෝ මහතා හමුදා අත්අඩංගුවේ සිටියදී බරපතල ලෙස පහර කෑමට ලක්ව ඇති බවයි.
හිටපු මුදල් අමාත්‍යවරයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමාට වාර්තා නොවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක චැරිටි චරම්බා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙත් එක්කෙනෙක් ඉන්නවා ගන්නවා නම්..
මෙහෙත් ඕනේ බලෙන් අල්ලන් කරන පාලනයක්. එතකොට කාවවත් හොරු ගාවගන්නේ නැතුව මේක කරන්න. අඩු ගානේ උත්සාහ කරන්න පුළුවන්....
අතීතයටත් බලපාන අන්දමින් නිදහස ලැබූ දා සිට හිටපු අපේ මුදල් ඇමතිවරු (තවමත් ජීවතුන් අතර ඉන්නවානම්) ගණනාවක් එල්ලුම් ගස් යැවිය යුතුව තිබෙනවා. අප්‍රිකානු රටවල් අපට වඩා දේශපාලන වශයෙන් නොදියුණු වුණාට ඔවුන්ගෙන් අපට ගත හැකි පාඩම් එමටයි.