IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


සම්බන්ධන්ට - සුමන්තිරන්ට සෙසු දෙමළ පක්ෂ වල විරෝධය

මෙරට තුළ ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා ලක් රජයට අමතර කාල දීර්ඝයක් ලබා දීමට දෙමළ ජාතික සන්ධානයේ විරෝධයක් නොමැති බවට එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ සතරේම දැඩි විරෝධයක් මතුවී තිබෙන බව එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ලංකාදීපයට පැවසීය.


දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් මහතාත් මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් මහතාටත් හිතෙන සේ පක්ෂයේ පොදු ස්ථාවරය ප්‍රකාශ කළ නොහැකි බවත් සම්බන්ධන් සුමන්තිරන් ඇතුළු කිහිප දෙනෙකු හැර මෙම සන්ධානයේ දේශපාලන පක්ෂ හතරේම නියෝජිතයින් ශ්‍රී ලංකාවට අමතර කාල දිගුවක් ලබා දීම ප්‍රතික්ෂේප කර සිටින බවත් හෙතෙම සදහන් කළේය.


දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීම පමණක් බවත් ඒ සදහා ලක් රජයට තවදුරටත් කාලය දීර්ඝ කරදීම පිළිබද දෙමළ ජාතික සන්ධානයේ විරෝධයක් නැති බවත් සුමන්තිරන් මහතා කොලඹ පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් සදහන් කර සිටියහ.


සුමන්තිරන් මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර.එල්.එෆ් පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි එම පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කළ විමසුමකට පිලිතුරු දෙමින් මේ බව සදහන් කළේය 


ශ්‍රීලංකාව තුළ ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමතර කාලයක් ලබා නොදිය යුතුයි යන ස්ථාවරයේ දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂ පසුවන බවත් සම්බන්ධන් සුමන්තිරන් නියෝජනය කරන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ බහුතර නියෝජිතයින්ද ඒ අතර වන බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කීවේය
 



අදහස් (0)

සම්බන්ධන්ට - සුමන්තිරන්ට සෙසු දෙමළ පක්ෂ වල විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 205 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1069 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site