(හබරාදුව නිමල් අල්ගෙවත්ත සහ ගාල්ල අමල් වික්‍රමරත්න)
හබරාදුව සමුපකාරයේ සභාපති සමන් දිලාන් වැලිගමගේ මහතා පැය දෙකක කාලයක් ගාල්ල හීනටිගල ග්‍රාම සංවර්ධන සමිති ගොඩනැගිල්ලේ රඳවා තබා ගන්නට හබරාදුව විවිධ සේවා සමිතියට අනුයුත්තව පිහිටි හීනටිගල හබරාදුව ග්‍රාමීය බැංකුවේ ගණු දෙනු කරුවන් විසින් අද 20 දහවල් පියවර ගෙන තිබිණි. සභාපතිවරයා එසේ රඳවා ගත්තේ හිනටිගල සමුපකාර ග්‍රාමීය බැංකුවේ ගණුදෙනු කරුවන් 1500 කගේ ගණුදෙනු මාස ගණනාවක් තිස්සේ ලබා දීමට නොහැකි වීම නිසා බව ගණුදෙනු කරුවෝ මෙහි දී කෑකෝ ගසමින් පෙන්වා දුන්හ.
පසුව හබරාදුව පොලිසිය පැමිණ පොලිස් ආරක්ෂාව මැඳ සභාපතිවරයා ශාලාවෙන් ඉවතට ගනු ලැබීය. මෙහිදී පොලිසිය හා ගණුදෙණු කරුවන් අතර අති වුයේ උනුසුම් තත්වයකි. හීනටිගල සමුපකාර ග්‍රාමිය බැංකුවේ ගණුදෙණු කරුවන් දනුවත් කිරීම සඳහා මෙම රැස්විම සභාපතිවරයා අද 20 පෙරවරුවේ කැඳවා තිබිණි.
උදෑසන 11 පමණ වන තෙක් සාකච්ජාව පැවැත්වු අතර ඒ අතර තුර දී බැංකුවේ සභාපතිවරයා පවසන ආකාරයට තම ගණුදෙනු සම්බන්ධයෙන් විස්වාශයක් හෝ ආරක්ෂාවක් හෝ නොමැති බව කියමින් ගණුදෙනු කරුවෝ කෑගැසූහ. ඒ සමඟම සභාපතිවරයා ඇතුළු පිරිස අදාළ ශාලාවේ හිරකර දොරවල් වල ඉබි යතුරු දැමූ ගණුදෙනු කරුවෝ අපි තැන්පත්කළ මුදල් ආපසු දෙන තෙක් යන්න දෙන්නේ නෑ කියමින් කෑකෝ ගසන්නට වුහ.
මේවන විට හබරාදුව සමුපකාර බැංකුවලට අයත් ගණුදෙනු කළ ගණුදෙනු කරුවෝ 14 දෙනෙක් හබරාදුව පොලිසියේ පැමිණිලි ගොනු කර ඇත්තේ තම ගණුදෙනු දිනපතා මාස් පතා ප්‍රමාද කරන බව පවසමිනි.
2025 දෙසැම්බර් මස 04
140
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
362
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සමුපකාර බැංකුවේ සභාපති දෙපැයක් ගොඩනැගිල්ලක රඳවාගනී