ශිරාන් රණසිංහ
සීමානිර්ණ වාර්තාව සැකසීමට අදාළව වැය කළ මුදල් සම්බන්ධව හෙළි කළ ගණන් හිලව්වල රුපියල් ලක්ෂ 51 ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධව වහාම සොයා බලන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන කිහිපයක් අද (28) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබේ.
සීමානිර්ණ වාර්තාව සැකසීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ වාර්තා වලට අනුව රුපියල් ලක්ෂ 212 ක් වැය වී ඇතැයි ද සීමානිර්ණ සැකසීමට පත්කළ කමිටුවේ ගණන් හිලව් ලක්ෂ 161 යැයි හෙළි වී ඇතැයි ද ඔවුහු කියති.
ඒ අනුව රුපියල් ලක්ෂ 51 ක් කිසිවකුගේ අතට පත්වුයේ ද යන්න පිළිබඳව වහා සොයා බලන ලෙස ද එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටිති.
ආපනශාලා හිමියන්ගේ සංගමය, ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය, යතුරු පැදිකරුවන්ගේ සංගමය ඇතුළු සිවිල් සංවිධාන මෙම පැමිණිල්ල කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා ඒක තමා කොමිස් එක. කොමිස් නැතිව මොනවද ලංකාවේ කෙරෙන්නේ.