නිමල කොඩිතුවක්කු
ෆේස්බුක් ඇතුලූ සමාජ ජාලා වෙබ් අඩවි සම්බන්ධයෙන් නව නීති සකස් කරන බව විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා අද (13) කොළඹදී පැවසීය.
එම සමාජ ජාලාවෙබ් අඩවි නියාමනය කිරීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවන බවද ඔහු කියා සිටියේය.
කොල්ලූපිටියේ පිහිටි විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාතයවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීය.
‘‘ජාතික ආරක්ෂාවට විශාල හානියක් බවට පත්වෙන තැනට අද මෙම ප‍්‍රශ්ණය මතුව තිබෙනවා. ෆේස්බුක් මගින් මෙම ප‍්‍රශ්ණය ලැව් ගින්නක් සේ පැතිර ගියා. මෙම තත්ත්වය නතර කරන්නවත් වාරණයක් පනවන්නවත් හැකියාවක් නැහැ.
ජාතික ආරක්ෂාවට හෝ ජාතිවාදය අවුස්සන ප‍්‍රශ්ණ වලට ඉඩ ලබාදිය නොහැකියි. මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ෆේස් බුක් ආයතනය නිර්දේශය දෙනකං අපි බලන් හිටියා. ජාතිවාදය ඇතුලූ කරුණු සම්බන්ධයෙන් වෙනස්කම් කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුනට එම ආයතනය ඒ සම්බන්ධයෙන් පියවර ගන්න ප‍්‍රමාද වුණා.
ඒ අය කියන්නේ සිංහල කියවන්න පුලූවන් අය ඒ අයට අඩුය කියලා.
මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ තීන්දුව අපිට ලිඛිතව ලබා දිලා තියෙනවා.හෙට (14) රාත‍්‍රියේ ෆේස්බුක් ආයතනයේ පිරිස් පැමිණිමට නියමිතයි.
ඔවුන් අගමැතිතුමා, ජනාධිපති ලේකම් තුමා ඇතුලූ පිරිස් සමඟ සාකච්චා කිරිමට නියමිතයි.
ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ දෙන ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසියට ඔවුන් යටත් විය යුතුයි.
හෙට දිනය වනවිට මේ ගැන අවසන් තින්දුවක් ගැනිමට නියමිතයි. ඒ අනුව ෆේස්බුක්, වයිබර්, වට්ස්අප් සම්බන්ධයෙන් රජය පනවා ඇති තහනම අපි සම්පූර්නයෙන්ම ඉවත් කරන්වා.
විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගේ යටතේ නැහැ. ඒත් මම තමයි මේකෙන් වැඩිපුරම බැනුම් අහන්නේ. ඩිජිටල් කාරායා තමයි මේක කැපුවේ කියලත් මට බනිනවා. අපි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව කියන විදියට තමයි කටයුතු කරන්නනේ.
COMMENTS
රජය 2020 න් පසු බලයෙන් රට පාලනය කිරීමක් සඳහා පෙර සැලසුමක් ලෙස මෙය පෙනේ. රටේ කලබල ඇති කර එහි වාසිය ලබා ගැනීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත 2025 වනතුරු අප බලයේ සිටිනවා කියා කිව්වේ ඔවුන්මය. රජයේ එම වැඩ පිළිවෙල අනුව ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව බලයේ සිටීමට නොහැකිවනු ඇත.
‘‘ජාතික ආරක්ෂාවට විශාල හානියක් බවට පත්වෙන තැනට අද මෙම ප‍්‍රශ්නය මතුව තිබෙනවා. ෆේස්බුක් මගින් මෙම ප‍්‍රශ්නය ලැව් ගින්නක් සේ පැතිර ගියා. මෙම තත්වය නතර කරන්නවත්, වාරණයක් පනවන්නවත් හැකියාවක් නැහැ. " ...ඒ කතාව නම් ඇත්තමයි. ෆේස්බුක්වලට පින් සිදුවන්නට ශ්‍රී ලංකාවේ බලයට පැමිණි මෝඩ, බොරුකාර දේශපාලකයන්ගෙන් රටට විශාල හානියක් සිදුවී තියෙනවා.
මුහුණු පොත, වයිබර්, වට්ස්ඇප් ආදී අන්තර්ජාතික වෙබ් ජාලා රටක් ඇතුළට ඒම වැළැක්වීම ඉතා අපහසුයි. ඉතාම වියදම් සහිත ජාල පද්ධති සහ ඉලෙක්ට්‍රෝනික් උපාංග අවශ්‍යයි. එය බොහෝවිට කළ නොහැක්කේ වෙනත් වර්චුවල් නෙට් වර්ක් පද්ධති මගින් පනවා ඇති බාධක මගහැර, ඕනෑම වෙබ් අඩවියකට පිවිසීම පාසැල් සිසුවෙකුටත් ඉතාම පහසුවෙන් කළ හැක්කක් නිසා... කළ හැකි හොඳම දෙය නම් සාකච්ඡා කර, හානිකර වෙබ් අඩවි ගැන සැලකිල්ලෙන් සිට ඒවා දියත් කළ විගස ඉවත් කිරීමට හැකි වන පරිදි එකඟතාවයකට පැමිණීමයි...
නව නීති මාලා දාන්නේ වෙන මොහොකටවත් නෙමෙයි මේගොල්ලන්ගෙ නායකයව විවේචනය කරනවට
ගුඩ් මෝනිං තරැණ ඇමතිතුමා මටත් අලුතින් ඡන්ද බලය ලැබෙනවා. මේ අවහිරය අපට අමතක නෑ. ඒත් අපි සෝෂල් ම්ඩියාවල ඔන් ලයින්. ඊලඟ ඡන්දෙදි හම්බ වෙමු මාත් එක්ක අලුත් ඡන්ද ලක්ෂ පහක්.
ෆේස් බුක් සමාජ ජාලා ලෝකෙ ප්‍රජාතන්ත්‍රවාදී හැම රටකම තියනවා. ෆේස් බුක් වල ලියන අයට බල පවත්වන නීතිත් ඔවුන් විසින් සම්පාදනය කර තියනවා. ඉතින් දැවැන්ත සමාගමක් වන ෆේස් බුක් ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තියන රටකට වෙනම නීති හදන්නෙ නැහැ. ෆේස් බුක් වගේ අන්තර්ජාතික සමාජ ජාල නැතිව අපේ ආර්ථිකය ඉදිරියට ගිනි යන්න බැහැ.
ෆේස්බුක් එක මතින් ජයගත් අය ෆේස්බුක් එක නිසාම වැනසෙනවා...
ෆේස් බුක් සමාගමේ පැවැත්මට ලංකාව අවශ්‍ය නැහැ. නමුත් ලංකාවෙ පැවැත්මට ෆේස් බුක් නැතුව බැහැ. අනෙක ඉන්ටනෙට් නැතුව අද ලෝකයේ බිස්නස් කොරන්න බැහැ. ඒ නිසා කිසිම රටකට ඉන්ටර්නෙට් තහනම් කොරන්න බැහැ.
ඒකාධිපති මහජන මතයට ඉඩදුන් අතර සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ඔස්තාර් ජනතා අදහස් දැක්වීම තහනම් කරනලදී.
එක දෙයක් මට අහන්න ඕනේ. එෆ්.බී. සහ අනෙකුත් සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචණ්ඩත්වය පැතිරුණා නම් එක වුනේ අද ඊයේ ද? ඔයගොල්ලෝ කියන විදිහට මේවා බ්ලොක් කෙරුව නිසා ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වුණා නම් ඔයගොල්ලන්ගේ සාස්තරේ හැටියට මේවා බ්ලොක් කරන්න තිබුනේ ගොඩක් ඉස්සර. අනෙක් දෙය ඊට වඩා වැදගත් - ඔය ඔක්කොම සමාජ ජාල නතරකෙරුවා කියමු. හිතන්න (උපකල්පනයක් පමණයි ) මට ඕනේ නම් තැනකට ගහන්න මම ගූගල් මැප් ගිහිල්ල බලනවා කොහෙද ඒවා තියෙන්නේ කියල.. ඊට පස්සේ ගිහිල්ල ප්‍රචණ්ඩත්වය අතහරිනවා.. එතකොට ඕගොල්ලෝ ගූගල් මැප් නතර කරනවාද? එහෙම නැත්නම් මුළු ඉන්ටෙර්නෙට් එකම නතර කරනවාද? මන්දයත් ගූගල් මැප් නැති වුණාට වෙනත් මැප් තියෙනවානේ හොයාගන්න.. ඔයගොල්ලන්ගේ මැටි මොළ ටික හෝදගන්න හොඳයි භූමිතෙල් ටිකක් දාලා ..
අපට දාන නීතිවලින් පුලුවන්ද අපි ලෝකයේ සිදුවන දේවල් ගැන ලියන අදහස් උදහස් පාලනය කරන්න. ට්‍රම්ප් මහතා ගන්න තීරණවලට පක්ෂව හෝ විපක්ෂව අපේ අදහස් පලකිරීම මෙහෙ ඉන්න අයට නීති දාලා පාලනය කරන්න අයිතියක් තිබෙනවාද?