මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර පැවැත්වෙන වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ. 

මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු මහනුවර දිස්ත්‍රික්කය පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. මේ හේතුවෙන් තරගය කල්දැමීමට පියවර ගෙන ඇති අතර එය යළිත් පැවැත්වෙන නිශ්චිත දින තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. 

-036