(රංජන් කස්තුරි)
නවක වදය හේතුවෙන් දැඩි චිත්ත පීඩාවකට පත්ව ගෙලවැලලාගෙන මියගිය අමාලි චතුරිකා සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කොට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ.
අමාලි චතුරිකා සිසුවියගේ මරණය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් නොවලහා සිදුකොට එකී මරණයට වගකිව යුත්තන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නඩු පවරන ලෙසත් එම මරණයට අදාල සාක්ෂි පොලිසියට ලබා නොදීම හා සිතාමතා සාක්ෂි වසං කිරීම නිසා එවකට සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය චන්දන උඩවත්ත මහතාට එරෙහිව නඩු පැවරීමටත් සහ පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් නොකොට නඩු පැවැරීම පැහැර හැරී එවකට හෝමාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් ලබා දෙන ලෙසත් ඇමැතිවරයා එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
පන්නිපිටිය මාඹුල්ගොඩ පදිංචිව සිටි සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වූ සායක්කාර හේවගේ අමාලි චතුරිකා නැමැති සිසුවිය නවක වදයට ලක්ව 2015 පෙබරවාරි මස 16 වැනිදින ලිපි දෙකක් ලියා තබා ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබෙන බවද විජයදාස රාජපක්ෂ මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
අමාලි චතුරිකා ශිෂ්‍යාවට විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ දිනයේ පටන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනකු නිරන්තරයෙන් නවක වදයෙන් ඔබ්බට ගිය ශාරීරික හා මානසික පීඩනයක් ඇති කරමින් ප්‍රචණ්ඩත්වය දියත් කර විවිධාකාර වදහිංසාවන්ට ලක්කර තිබෙන බවද ඇමැතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
අනේ මගේ දරුවෙකුට එහෙම උනානම්...!!!
ඇමතිතුමනි.නවක වදය සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන්න
කාගේ හෝ දරුවකුගේ අනාගතයක්, ජිවිතයක් විනාශ කිරීම මෙලොවදීම පඩිසන් දෙන පාප කර්මයකි. මෙම පාප කර්මයට වචනයකින් හෝ සහභාගි වූ අයට දඩුවම් ලැබේවි.....
මෙතරම් විශාල අපරාධයක් සිදුව තිබියදීත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් නොපැවැත්වීම පුදුම සහගතයි. මේ අමානුෂික නවක වදයට ගොදුරුවන බොහෝ ශිෂ්‍යාවන් නිහඩව එය විද දරාගෙන සිටි. කොතරම් කලකට පෙර මෙය සිදු වුනත්, මේ අමානුෂික ක්‍රියාවට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නිසි දඩුවම් ලැබේ යයි සිතමි. සරසවි තුල නවක වදය සිදු කරන සිසුන්/සිසුවියන් හඳුනා ගැනීමට සෑම වසරකම සරසවි තුල ඔත්තු කරුවන් ජාලයක් ඇති කල යුතුයි.
මගේ පුතාටත් පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේදී මෙලේච්ච නවක වදය හොඳටම වැදිලා හෝල් එකෙන් පැනල ගිහිල්ලා නෑදෑ ගෙදරක හැංගිලා හිටියා. ගෙදර ඇවිල්ල කිව්වේ අයෙමත් කැම්පස් යන්න බැහැ බීල මැරෙන්න වස ටිකක් දෙන්න කියලා. එයාගේ උපාධි සිහිනයත් බොඳවෙලා ගියා. මං නම් කියන්නේ යම රජ්ජුරුවන්ගෙන් උදව් අරගෙන හරි මේ නවක වදය අදම නවත්තලා දමන්න කියලයි.
අන්න හොඳ වැඩක්. නවක වධය ලංකාවෙන් තුරන් කරන්න ඕනෑ.
මේ අමානුෂික නවක වාදය දීපු අය සහ එය වසන් කල අයට උපරිම දඩුවම් දිය යුතුයි. හැබැයි ඇමතිතුමාට 2015 මුල වෙච්ච් සිද්ධියකට දැන් ආවේගයක් ආපු එක නම් ප්‍රශ්නයක්.!
විශ්වවිද්‍යාල වල සීසීටීවී කැමරා සවි කරන්න
විජයදාස රාජපක්ෂ මහතා පොලිස් කොමිසමට පැමිණිලි කරපු දෙය හරි දෙයක්. මෙතන ළමයෙකුගේ ජීවිතේ නැති වෙලා. ඒත් කවුරුත් ඉන්නේ වැරැද්ද මැරුණ ළමයාගේ අතේ විදියට.
ඕනෑම කෙනෙකුට ද්වේශ සහගත ලියුම් ලියල සියදිවි හානිකරගන්න පුළුවන් . එක එයාගේ අත්ම ශක්තිය පිළිබඳ ගැටළුවක් , වසරකට විශ්වවිද්‍යාලවලට සිසුන් කීයක් ඇතුල්වෙනවද කීදෙනාටද මෙහෙම ගැටළු , ක්‍රීඩා තරඟ වලදී ක්‍රීඩකයෝ මැරෙන්නේ නැතිද , ලෝකයේ හොඳම ඖෂධ වලින් රෝගීන් මියයන්නේ නැතිද , මේ හදන්නේ සයිටම් පරාජය වහගන්න අන්තරේ විනාශ කරන්න . මෙයාල දන්නේ නැහැ විශ්වවිද්‍යාල වලදී එක නායකයෙක් ඉඳ ගන්න කොට තව නායකයෝ සියයක් නැගිටිනවා කියල . බඩගෝස්තර වාදය වගේ නෙමේ විශ්ව විද්‍යාල ජීවිතය , මියගිය ඇයට සාතිශය සංවේගය .
කැමරා සවිකරන්න.
"ක්‍රීඩා තරඟ වලදී ක්‍රීඩකයෝ මැරෙන්නේ නැතිද?" මොකක්ද මොහු ලබලා තිබෙන අධ්‍යාපනය?
"ක්‍රීඩා තරඟ වලදී ක්‍රීඩකයෝ මැරෙන්නේ නැතිද?" විශ්ව විද්‍යාලයට එන ළමයෙකුට ජීවිතය එපාවෙන විදිහට කටයුතු කිරීම ක්‍රීඩාවක්ද. පෙන්වන්නේ විශ්ව විද්‍යාලය තුල ඉන්න අයගේ හීන මානය. විශ්ව විද්‍යාලය තුල ඉන්න විදිහ අපි නොදන්නවා නොවෙයි ඒ නිසයි අපේ ළමයින්ව පීටරට විශ්ව විද්‍යාල වල ඉගැන්නුවේ. හැබැයි මතක තියා ගන්න අපේ ළමයි සිටින ස්ථානවල මොවුනට රැකියාවල් ලැබෙන්නේ නැත.