IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සැප්තැම්බර් 3 දා විරෝධතා ගොනු කරන්නැයි නියෝග

 
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සඳහා එම ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා තරග කිරීම වළකාලන අතුරු නියෝගයක් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක සහ එම නිලවරණයේ සභාපති ධූරයට තරග වදින නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ලබන සැප්තැම්බර් 3 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන්නැයි අභියාචනාධිකරණය එම පෙත්සමේ වගඋත්තරකරුවන්ට අද (04) නියෝග කළේය.


රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන් ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලූ අතර එහිදී මෙම නියෝගය ලබා දෙන ලදී.
මීට පෙර මෙම රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහා නිලවරණය පැවැත්වීම වළකාලමින් දැනට පනවා තිබෙන අතුරු නියෝගය විසුරුවා හැරීමට ද අධිකරණය කටයුතු කළේය. 


එම ආයතනයේ හිටපු ලේකම්වරයකු  මෙන්ම වත්මන් නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයකු වන නිශාන්ත රණතුංග මහතා ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක‍්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින්,  ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු 27 දෙනෙකු නම් කර තිබේ.


පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සුගත් කල්දේරා මහතා සමඟ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටි අතර තිලංග සුමතිපාල මහතා වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන මහතා පෙනී සිටියහ.


සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන කනග ඊස්වරන් , කාලිංග ඉන්ද්‍රතිස්ස , අලි සබ්රි ,සංජීව ජයවර්ධන යන මහත්වරුන්ද පෙනී සිටියහ.


නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මරත්න සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා පෙනී සිටියහ.



අදහස් (1)

සැප්තැම්බර් 3 දා විරෝධතා ගොනු කරන්නැයි නියෝග

ඩී. ජයදේව Wednesday, 04 July 2018 10:04 AM

අපි අවුරුදු ගණන් නඩු කල් දදා ඉන්නකන් අයි සී සී එක බලන් ඉදීද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site