IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘සේනා‘ හානියට වන්දි දීම අම්පාරෙන් ඇරැඹීමට යයි

සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
 
පිඩාවට පත් පූර්ණ හානි සිදුවූ ගොවීන් 307ක් සඳහා මෙහිදී වන්දි ලබාදෙන බවත්, හානි වූ එක් අක්කරයක් සඳහා රජය විසින් රුපියල් 40,000ක් පිරිනැමීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
 
 මේ වෙනුවෙන් රජය රුපියල් මිලියන 16ක් වැය කරනු ලබයි.
 
 කෘෂි රක්ෂණ මණ්ඩලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් හානි සමීක්ෂණය සිදු කර ඇති අතර  මෙම ගොවින් සඳහා වන්දි ප්‍රදානය මාර්තු මස 10 වැනිදා සිදු කිරීමට නියමිතය.
.

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, පදියතලාව, අක්කරෙයිපත්තුව, එරගම, කල්මුනෙයි, නාමල්තලාව, පොතුවිල්, මඩාතගම, මධ්‍යම කදවුර ගොවිජන සේවා කොට්ඨාස තුළ සේනා දළඹු හානියෙන් පූර්ණ හානි වූ ගොවීන් වෙනුවෙන් වන්දි ප්‍රදානය සිදු කරනු ලබයි.
 
 

(36698)

 



අදහස් (5)

‘සේනා‘ හානියට වන්දි දීම අම්පාරෙන් ඇරැඹීමට යයි

chandima Friday, 08 March 2019 03:07 PM

අනේ අර මොකද? ඇයි නියමු ව්‍යාපෘතියක් විදියට කොළඹ සම්මන්ත්‍රණයක් තියලා පටන් ගන්නේ නැත්තේ?

:       0       1

Raveendra Saturday, 09 March 2019 03:57 AM

හරි අයියට නම් සේනාගෙන් අව්ලක් නැති පාටයි.

:       0       0

Sumith Saturday, 09 March 2019 07:39 AM

ගොවියාට මාසයක් ජීවත් වෙන්න විශ්‍රාම වැටුප රුපියල් 1200යි. මේවට විසඳුම් නැහැ. ගොවියා අනාථ වෙලා.

:       0       0

Gamini Saturday, 09 March 2019 07:43 AM

මේ දිනවල බණ්ඩාරවෙල එළවලු විකුණාගන්න බැහැ... විසිකරනවා. ගොවීන් අසරණයි.

:       0       0

de silva Saturday, 09 March 2019 10:41 AM

ඡන්දෙට සල්ලි විසිකරන්නේ ගොවියෝ නෙවේනේ... ආර්ථික මධ්‍යස්ථානේ ඉන්න අතරමැදියෝ, ගොවිනිෂ්පාදන රටේ විසිරිලා ඉන්න පාරිභෝගිකයාට සාධාරණ මිලකට බෙදාහරින්න වැඩපිළිවෙලක් සකස් කළොත්, අතරමැදිය අමාරුවේ, ඉස්සර ඉඳන්ම අතරමැදියා ආරක්ෂා කිරීම තමයි දේශපාලකයා කලේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 277 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site