(චමිල් රූපසිංහ)
 
මහනුවර පල්ලෙකැළේ   බන්ධනාගාරයේ  සිරගතව සිටින තම පුත්‍රයාට ලබාදිම සඳහා සුක්ෂම ලෙස සිනි වල සඟවා හොරොයින් ගෙනමින් සිටි කාන්තාවක් පල්ලෙකැළේ පොලිසිය  අද (02) අත් අඩංගුවට ගෙන ඇත.
 
මහනුවර සුදුහුම්පොළ ප්‍රෙද්ශයේ පදිංචි අවුරුදු 68 ක් පමණ වන මෙම කාන්තාව සිනි වල සුක්ෂම ලෙස හොරොයින් සඟවාගෙන ගෙනවිත්  ඇති අතර බෝගම්බර  බන්ධනාගාර නිලධාරින් පරික්ෂා කරනු ලබන අවස්ථාවේදි මෙය හමු වී ඇති බවත් ඉන් අනතුරුව එම කාන්තාව මහනුවර පල්ලෙකැලේ පොලිසියට භාර දුන් බවද පොලිසිය පැවැසිය.
 
රැදවුම් නියෝග යටතේ  මෙම කාන්තාව රදවා  ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බව පොලිසිය සඳහන් කළේය.