බිමල් ශ්‍යාමන් ජයසිංහ
විවිධ වර්ගයේ ගිනි අවි නිෂ්පාදනය කර කාලයක් තිස්සේ මුදලට අලෙවි කිරිමේ යෙදුණු යුද හමුදාවෙන් පලා ආ සෙබළකු වන සීනිගොඩ පැට්ටා නැමැත්තා හා තවත් පුද්ගලයකු අද (14) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.
ඔවුන් නිෂ්පාදනය කරන ලද රිවොල්වරයක්,ගල් කටස් වර්ගයේ ගිනි අවියක්,බෝර දොලහේ ගිනි අවියක්,පතුරොම් දෙකක්,හිස් පතුරොම් දෙකක් හා ගිනි අවි නිෂ්පාදනය කිරිමට උපයෝගී කරගත් උපකරණ කිහිපයක් පොලිසිය බාරයට ගෙන ඇත.
COMMENTS
සීනිගොඩ පැට්ටා ළඟ හකුරු ගොඩක් තිබ්බේ නැද්ද ගිනි අවි විතරද තිබ්බේ?
මේ මිනිස්සුන්ගේ හැකියාවෙන් රටට වැඩක් ගන්න පුළුවන්... අවි නිෂ්පාදනය කරලා පිට රටවල් වලට විකුණලා රටට විදේශ විනිමය ලැබෙන ක්‍රමයක් හදන්න බැරිද...? නිකන් කාලකන්නි වෙනවා.. දැන් වෙන්නේ බන්ධනාගාර ගත කරලා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ජීවත් වෙන එකයි...
සීනිගොඩ පැට්ටා මහතාට මාර හැකියාවක්නෙ තිබෙන්නේ...
ඇත්තටම මේ මිනිසුන්ගේ හැකියාවෙන් වැඩක් ගන්න ක්‍රමයක් සලස්වන්න ඕන.නිකමම අපරාධකාරයෝ ගොඩට තල්ලු කරනවාට වඩා. රටට ජාතියට වැඩ ඇති පුද්ගලයෝ විදිහට මේ මිනිස්සු නිර්මාණය කර ගත්තොත් අපේ රට මීට වැඩිය යහපත් රටක් වේවී.