IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සෞදි ජාතිකයාගේ වෙඩි පහරින් ලක් කත මරුට

( තිළිණි ද සිල්වා )
 
සෞදි ආරාබියේදී සෞදි ජාතිකයකු ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ප්‍රියංකා ජයශංකර් නැමැති  42 හැවිරිදි ලාංකික කාන්තාවකි. ඇය සැකකාර සෞදි ජාතිකයාගේ නිවසේම සේවය කළ ගෘහ සේවිකාවකි.

සෞදි ආරාබියාවේ බුරේඩ් හි පිහිටි ඝාතකයාගේ නිවසේ දී පසුගිය සෙනසුරාදා උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවද එරට තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

මෙම වෙඩි තැබීම සිදුකළේ යැයි පැවසෙන සෞදි ජාතිකයා ලාංකික කාන්තාව ඝාතනය කිරීමෙන් පසුව ඔහු ද අදාළ ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා 31 හැවිරිදි තරුණයකු වන අතර ඔහු මානසික ආබාධයකින් පෙලෙන තැනැත්තෙකු බවට සෞදි පොලීසිය විසින් සිදු කළ මූලික විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

ඝාතනය ලක්වූ ලාංකික සේවිකාවගේ මළ සිරුර මේ වන විට එරට අල් රාස් ප්‍රදේශයේ රෝහලක තැන්පත් කර තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණ ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය වැඩිදුර  විමර්ශන ආරම්භ කර ඇති බවද පැවසේ.



අදහස් (4)

සෞදි ජාතිකයාගේ වෙඩි පහරින් ලක් කත මරුට

tarzan Tuesday, 13 March 2018 08:36 AM

මේකටත් අපේ අයියලා රට ගිනි තියයිද?

:       955       2019

Ruwani Tuesday, 13 March 2018 09:13 AM

සියලුම සවුදි ගෘහ සේවකයන් ආපසු කැඳවන්න , ඔවුන් අනාරක්ෂිත සේවය යෙදීම භයානකයි . ලංකාවේ හැමදාමත් පාලකයන් පම්පොරි ගහමින් නවීන වාහන ,ගෙවල් දොරවල් අරන් සැප විඳින්නේ කාන්තාවන් රටට ලබාදෙන විදේශ විනිමය නිසා , ලංකාවේ හැමදාමත් දේශපාලකයන් පොහොසත් .. රටේ මහජනතාව දුප්පත් . එකයි සංවර්ධනය .

:       309       239

Uditha Tuesday, 13 March 2018 09:45 AM

සෞදි වලට කාන්තාවන් යවන එකට හොද ක්‍රමවේදයක් හදන්න බැරි මොකද ? එක්කෝ සෞදි වලට මිනිස්සු යවන එක නතර කරන්න. කෝ මානව හිමිකම් කතා මේවට?

:       1       13

Dr. Edward Perera Germany Thursday, 15 March 2018 12:40 AM

උදිත, ඔබ හිතන තරම් අපේ පාලකයෝ සානුකම්පික නම් මැද පෙරදිග වහල් සේවයට ශ්‍රී ලාංකික කතුන් යවන එක මෙලහකටත් නවත්වලා. වසර 2009 පමණ අප විසින් හිටපු ජනාධිපතිට ව්‍යාපෘතියක් ඉදිරිපත් කළා මැද පෙරදිග වහල් සේවය නවතා පරිගණක අධ්‍යාපනයක් තුලින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට පුහුණු ශ්‍රමයක් ලබා දී විදේශ රැකියා වලට යවන්න. හිටපු පාලකයා අපගේ යෝජනාවට කිසිසේත් කැමති වුනේ නැහැ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site