(ඉන්දිකා රාමනායක සහ ටෝනි කරුණානායක)
සීදූව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු හා තවත් පිරිසක් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබෙන අතර ව්‍යාපාරිකයා සිය ගිනි අවියෙන් වෙඩි තැබීමක් ද සිදුකර ඇති බවද පොලිසිය කියයි.
සැකකාර ව්‍යාපාරිකයා කලක සිට මිනුවන්ගොඩ කර්මාන්තපුරයේ වාහන කොටස් එක්කර නීතිවිරෝධීව වාහන නිපදවීමේ ජාවාරමක් කර ඇති බව පොලිසිය කියයි.
පානදුර වලාන දුෂණ මර්දන ප‍්‍රහාරක බලකාය විසින් මීට මාස කිහිපයකට පෙර එම ස්ථානය වටලා සැකකරු සහ වාහන කොටස් රැසක් පොලිස් බාරයට ගෙන තිබුණි.
සැකකරුගෙන් එම වාහන මිලදීගත් පාරිභෝකයින් පිරිසක් එම වාහනවල නීත්‍යානුකූල ලියකියවිලි ඉල්ලා ව්‍යාපාරිකයාගේ කාර්යාලය වටලා නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් සිටියදී ව්‍යාපාරිකයා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල වුවන් පිළිබද මෙතෙක් වාර්තා වී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා. පැමිණිල්ලක් නැත්නම් පොලිසිය අල්ලන්නේ නෑනේ.
එසේ නම් මෙයාටත් දාමුකෝ ලස්සන නමක්. සීදුවේ හයිබ්‍රිඩ් වගේ එකක්...