බිමල් ශ්‍යාමන් ජයසිංහ, ඉන්දිකා රාමනායක
සීදුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කටුනායක ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් 25000 ක් හා විදේශීය මත්පැන් බෝතලයක් පොලිස් භූමිය තුළ දී ලබා ගනිද්දි අද (13) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
කටුනායක ප්‍රදේශයේ පුද්ගලයෙක් අපරාධ අංශයට කරන ලද පැමිණිල්ලකට අදාලව සැකකරු අත්අඩංගුවට ගෙන පැමිණිලිකරුට වාසිවන ලෙස පවසා මෙලෙස මුදල් හා මත්පැන් බෝතලය ලබා ගෙන ඇති බව අධ්‍යක්ෂකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරීන්ට දෙන සොච්චම් පඩියෙන් ජීවත් වෙන්න බැරි නිසා පගාව ගන්න ඇති. මට හිතෙන විදියට කොස්තාපල් පොලිස් නිලධාරියෙකුගේ වැටුප මාසෙකට ලක්ෂයක් වත් කරන්න ඕනෑ.