IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සීදුව අම්බලන්මුල්ල කුණු කන්දේ ගින්නක්

(ප්‍රසාද් මුතුකුඩ)

කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ  සීදුව පිටවීමේ දොරටුව ආසන්නයේ  පිහිටා ඇති අම්බලන්මුල්ල කුණු කන්ද අද (07)  ගිනි ගැනීම හේතුවෙන්  එම ප්‍රදේශය පුරා දැඩි දුමාරයක් පැතිර ගොස් තිබේ.

සවස් වන විටත් ඊට වගකිව යුතු නිසි නිලධාරීන් කිසිවෙකු එහි පැමිණ නොසිටි බව සීදුව ප්‍රදේශවාසීහු පැවසූහ.

මේ හේතුවෙන් කටුනායක කොළඹ අධිවේගි මාර්ගයේ  සීදුව ප්‍රදේශය දුමින් වැසි තිබුණේය.

කටුනායක සීදුව නගරයේ කැලි කසල සීදුව නගර සභාවෙන් එකතුකොට අම්බලන්මුල්ල කුණු කන්දට ගෙනවිත් දමන අතර එම ප්‍රදේශයේ  ඇති කර්මාන්තශාලා  මගින්  ඉවතලන  කුණු  අතර යකඩ ද්‍රව්‍ය  ඇති හෙයින් ඒවා  ලබාගැනීමට මෙලෙස කුණු කන්දට යම් පිරිස් පැමිණ ගිනි තබන බවත් එමගින් ඇති වන විෂ සහිත දුමාරය හේතුවෙන් දැඩි සෞඛ්‍යමය ගැටළු රැසකට මුහුණදී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසීන් කරන ලද  දැනුම් දීමකට අනුව ගම්පහ  ගිනි නිවීමේ ඒකකයේ රථ පැමිණියද  දැඩි  උෂ්ණත්වය සහ සුළං තත්ත්වය හේතුවෙන් එම කටයුත්ත අසාර්ථක විය.

ගිනි නිවීමට භාවිතා කරන ඔක්සිජන් ටැංකි සහ අමතර ජල බවුසර් නොමැති වීම හේතුවෙන් ගම්පහ ගිනි නිවීම් ඒකකය ආපසු හැරි ගියේය.



අදහස් (0)

සීදුව අම්බලන්මුල්ල කුණු කන්දේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1045 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site