(නිමන්ති රණසිංහ)
ලංකා සතොස ආයතනයේ සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවකට අදාළව ලිපි ලේඛන තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත සිටි ඉම්රාන් මොහොමඩ් නැමැත්තා ලබන 20 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා අද(13) නියෝග කළේය.
එම මූල්‍ය වංචාවට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ නිවසේදී සොයාගත් ලිපි ලේඛන බාර සිටි පුද්ගලයා ලෙස අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව මගින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන මීට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා ලෙඩ්ඩු ඉන්න තැනකට දාන්න..