ආරියරත්න රණබාහු
දැනට අස්සන් කර ඇති සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක කරවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස ඉංජිනේරු සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලිමක් කළේය.
ඊට අමතරව දැනට යෝජනා වී ඇති ඉන්දු- ලංකා ගිවිසුම සඳහා කෙරෙන ද්වි පාර්ශවික සාකච්ඡා ද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ද එම සංගමය වැඩිදුරටත් ඉල්ලීය.
ඉංජිනේරු සංගමය විසින් එම ඉල්ලීම් කරනු ලැබුවේ කොළඹ 7 විජේසුන්දර මාවතේ පැවති විද්වත් වෘත්තිකයින්ගේ ආයතනයේ අද (25) දහවල් පැවති මාධ්‍ය හමුවක දීය.
රජයට අවාසිදායක විදේශ වෙළඳ ගිවිසුම් වහා අත්හිටුවීමට පියවර ගන්නා ලෙස රජයට දැන්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට හොරාකන්න බැරි වෙනකොට විරෝධය. මෝඩ පාලකයා මොකුත් දන්නේ නැති නිසා මේ අය කියන දේ ඇත්ත කියලා හිතලා මෝඩයා වෙනවා.
රට අරාජික කිරීමට විටින් විට විවිධ කණ්ඩායම් විවිධ නාඩගම් නටා ආණ්ඩුවේ කාලය නිකරුනේ කා දැමීමටත් මිනිස්සුන්ට එපා කරවීමටත් කටයුතු කරන්නේ මුල්‍ය නඩු අපරාධ මිනීමැරුම් චෝදනා ලද අය බව ආණ්ඩුවට නොතේරීම කණගාටුවක්. කෙසේ හෝ 2020 තෙක් සියලු කටයුතු අනා විනාශකර නැවත බලයට ඒම අරමුණු කරගෙන කරන මෙවන් අතකොලු ව්‍යාපාර ප්‍රචාරය නොකර ඉන්න මාධ්‍යයටත් යුතුකමක් ඇත.
අපේ රටේ නම් ඉන්නේ පුදුම ආත්මාර්තකාමී හරක්. ඒ අය තියෙන තණකොල කන්නෙත් නෑ. එහා ඉවුරේ ඒවා දිහා බලාගෙන තප්පුලනවා....
ආත්මාර්ථකාමි පමණක් නොව, එක්කොම ඉරිසාකරන ජනතාව.
මේකේ ප්‍රතිචාර දාන සමහරක්' හිතන්නේ මේ ආණ්ඩුව ගහන වෙළෙඳ ගිවිසුම් වලින් රට දියුණු වෙනවා කියලා. එක්සත් ජාක්ෂ පක්ෂය, ජවිපේ කුක්කෝ හිතන්නෙ මේ ආණ්ඩුවේ තකතීරු වැඩ හරි විදිහට විවේචනය කරන අය එහෙම කරන්නෙ මේ ආණ්ඩුව පෙරලන්න කියල උන් බයයි. රනිල් බැංකුව හොරා කපු එකේ වෙළෙඳ ගිවිසුම් වලින් රටට පාඩු වුණට මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් නෙවිනේ.
මේ ගොල්ලෝ කියන කතාව ඇත්ත. සිංගප්පූරු ගිවිසුමෙන් ලංකාවට පාඩුව ඩොලර් මිලියන10ක් කියලා සිංගප්පූරුවේ වෙළෙඳ අමාත්‍යාංශයම කියනවා. සිංගප්පූරුවේ ආණ්ඩුවේ ඉඩම් 90% ක් තියෙනවා. ඒවා මේ ගිවිසුමෙන් අයින් කරලා. අපේ මුහුදු සීමාවත් මුලුමුලින්ම සිංගප්පූරුවට දීලා. මලික් සමරවික්‍රමට මොනවා තේරෙනවද මේ ගිවිසුම් වගේ දේවල් ගැන. එයා රෝයල් එකේ ඉන්න කාලෙත් රනිල් එක්ක රගර් එහෙම ගහපු එක්කෙනේක්ලු නේද? ඉතින් ආර්ථිකේ ගැන මොනවා දන්නවද?
මේ වගේ තවත් ගිවිසුම් අවශ්‍යයි. අවලංගු නොකළ යුතුයි.
සමහරවිට සිංගප්පුරු-ශ්‍රි ලංකා වෙළඳ ගිවිසුම ලංකාවට අවාසි එකක් වෙන්න පුළුවන්. මොකද සිංගප්පුරුව අපට වඩා කාර්යක්ෂම සහ තරඟකාරී රටක්. ඒත් මේ ගැන අධ්‍යනයක් කරලා කරුණු සහිතව ඔප්පු කරන්න ඕන කොපමණ පාඩුවක් වෙනවද කියලා.
මේ පුවත දෝෂ සහිතයි .ඉංජිනේරු සංගමය නොව එය ශ්‍රිලංකා ඉංජිනේරු ආයතනය IESL ලෙස නිවැරදි විය යුතුයි .
මෙහි දෝෂයක් නැත. ප්‍රවෘත්ති සාකච්ජාව පැවැත්වුයේ ඉංජිනේරු සංගමයයි (ඇසෝසියේෂන් ඔෆ් ඉංජිනියර්ස්). ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය නොවේ.
මේ පුවත නිවැරදියි. මේ සංගමය 'ඉංජිනේරු සංගමය හෙවත් "Association of Engineers". මාධ්‍යය සාකච්චාව පැවැත්වුයේ මේ සංගමයයි. එහි සභාපති ඉංජිනේරු ආචාර්ය ආනන්ද රණසිංහ මහතායි. මෙය IESL එනම් "ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය" නොවේ.