(දිනිත් චින්තක කරුණාරත්න සිංගප්පූරුවේ සිට වාර්තා කරයි)
ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා වැඩිම ප්‍රතිලාභ කඩිනමින්ම හිමිවන්නේ ශ්‍රී ලාංකීය ජනතාවට බව සිංගප්පූරු වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.
“ශ්‍රී ලංකා රජයත්, සිංගප්පූරුවත් එකඟත්වයට එන සෑම අවස්ථාවකදීම, ඕනෑම වාර ගණනක් වෙළෙඳ ගිවිසුම සංශෝධනය කිරීමේ හැකියාව පවතීතැයිද” එම වාර්තාවල දැක්වේ.
ඊට අමතරව වසරක කාලයකට දැනුම් දීමෙන් (නෝටිස්) රටවල් දෙකටම අවශ්‍ය නම් ගිවිසුමෙන් ඉවත්වීමට කිසිදු බාධාවක් නැතැයි”, සිංගප්පූරු වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයීය වාර්තා අනාවරණය කරයි.
ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන්, සිංගප්පූරු වාණිජ සහ කර්මාන්ත ඇමති එස්. ඊස්මන් මහතා එරට පාර්ශ්වයෙනුත් ගිවිසුම හරහා ආයෝජන ලබාගැනීම වෙනුවෙන් සෘජුවම මැදිහත්ව ක්‍රියා කරති.
“කලාපයේ සීග්‍රයෙන් දියුණුවන රටවල් දෙක අතරින් එක් රටක් වන ශ්‍රී ලංකාවට උපරිමයෙන් සැලකීමට සිංගප්පූරුව කිසි ලෙසකින්වත් පැකිළෙන්නේ නැතැයි”, සිංගප්පූරු වාණිජ සහ කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් මහතා ප්‍රකාශ කරයි.
“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව මේ වන විට නිවැරදි සංවර්ධන මාවතට අවතීර්ණ වී ඇතැයි පෙන්වා දෙන අමාත්‍ය එස්. ඊස්මන් මහතා, එවන් ගමනක් යන ශ්‍රී ලංකාව කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානය කිරීමේ අග්‍රාමාත්‍යවරයාගේ වැඩපිළිවෙළට සිංගප්පූරුව “හොඳම මිතුරා” ලෙස සෑම සහායක්ම දෙන්නේ යැයිද” පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දී කිරට බළල්ලුත් සාක්කි...
"කලාපයේ සීග්‍රයෙන් දියුණුවන රටවල් දෙක අතරින් එක් රටක් වන ශ්‍රී ලංකාව" මාර හිනා යන කතාවක්නේ ඒක. මොන විදියේ දියුණුවක්ද මේ කතා කරන්නේ දන්නේ නැහැ. මොකද ලංකාවේ ජීවත්වෙන අපි දන්නා විදියට අපේ රට පහු ගිය අවරුදු තුනහමාරේම අගාදයට ගියා මිසක් දියුණුවක් ලැබුවේ නැහැ.
දී කිරට බළල්ලුත් සාක්ෂි ලු ........
එයාලට ඕන දෙයක් කියන්න පුළුවන්, එත් අපේ රාලලා ටික පරිස්සමින්, මොලේ පාවිච්චි කරලා අත්සන් කරන්න.
රුවන්, තමන් කන කෑම වේලෙන් රටක දියුණූව හොයන්න බෑ. ඉස්සරවෙලාම බලන්න රටේ කොච්චර ණය තියෙනවද? ඒවා ගෙවන්නෙ කොහොමද? ආදායම් මාර්ග මොනවද? රටේ දේශපාලන ස්තාවර භාවය ආයෝජකයො ඈද ගන්න. ලෝකයේ ආර්තික තත්වය වගේ දේවල්. නිකන් කී බෝඩ් තිබ්බට කොටන්න එපා.
ඕක ඔච්චර හොඳනම් ඕකේ කෙටුම්පතක් මහජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ නොකරන්නේ මොකද?
මම හිතන්නේ වෙන රටක් ගැනයි මේ කියන්නේ...
සිංගප්පූරුවේ අගමැතිවරයා මෝඩයෙක් වෙන්න ඇති මගේ හිතේ... ලංකාවට වාසි වෙන්නයි සිංගප්පුරුවට පාඩු වෙන්නයි වෙළඳ ගිවිසුම් ගහන්න තරම්...
රනිල්ගේ යාලුවෙක් වගේ. මහේන්ද්‍රන් කාරයත් රනිල්ගේ මල්ලි කෙනෙක්නේ.
ඔව් ඔව් අපි දැක්කා බදු රහිතව ගෙන එන්න පුළුවන් බඩුටික. අතුනුබහන්. ඌරු මවිල් ඇතුළු ලිස්ට් එක දැක්කා. අපිටද ඔහේ ඕවා කියන්නේ.
බමුණා ඉන්නෙ වැරදි තැනක. ඉල්ලන්නකෝ ඡන්දෙ ඊළඟ පාර. ඔච්චර ආර්ථික වර්ධනයක් තිබ්බනම්, හිටපු ලොක්කා මොකෝ පැරදුනේ?
කැබිනට් මිනිස්ටර්ස්ලත් දැකලානැති ගිවිසුම බමුණෙක් දැකලා...
හරි හරි දෙස්පාලුවෙක්නේ කියලා තියෙන්නේ. කමක් නැහැ. සිංගප්පුරුවේ මහා බැංකු වාර්ෂික වාර්තාව බලමුකෝ. නැතිනම් වෙළඳ අමාත්‍යංශයේ වාර්තාව. මෙහෙ වගේ දේශපාලුවන්ට ඕනේ විදියට එරටේ වර්තවල් හදන්නේ නැහැනේ. එහෙම උනානම් එරට දියුණුවෙන්නේ නැහැනේද? එතකන් ඉවසාපන් පපුව.
ලංකාව වැනි ණය බරින් පීඩිත රටකට, තවත් ණය නොවී රටේ නිෂ්පාදනය ඉහළ දැමීමට හොඳම විකල්පය නම් කලාපයේ අනිකුත් රටවල් සමග මෙවැනි වෙළඳ ගිවිසුම් වලට එළඹීමයි. වෙළෙඳ වාසිය කෙසේ වෙතත් මෙවැනි ගිවිසුම් හරහා රටට ලැබිය හැකි විශාලම ප්‍රතිලාභය නම්, විදෙස් ආයෝජන හරහා ඇතිවිය හැකි කර්මාන්ත තුලින් රටේ තරුණයින්ට රැකියා උත්පාදනය වීමයි. අද රැකියා දියව් කියමින් පාරේ ඇවිදින අයට මෙවැනි විදේශීය ආයෝජන හරහා රැකියා ලැබුනොත් එවැනි දෙයකට මේ වෙළෙඳ ගිවිසුම් වලට විරුද්ද වෙන අය අකමැතිද? එවැනි දෙයකට විරුද්ධ නම් රටේ රැකියා ජනනය කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන විකල්ප මොනවද? මෙවැනි ගිවිසුමක අන්තර්ගතය මේ බොහෝ දෙනෙකුට නොතේරෙන අතර, ඔවුන් බොහෝවිට සිදු කරන්නේ කියන්නන් වාලේ ගිවිසුමකට විරුද්ධ වීම පමණයි.
රටක දියුණුව බලන්න පුළුවන් හොඳම මිම්ම " පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ බඩ සහ බඩෙහි විශාලත්වය"
ලංකාවේ රැකියා ඕනේ තරම් තිබෙනවා. ප්‍රශ්නෙකට තිබෙන්නේ කවුරුත් මහන්සිවෙලා නිසි වෘත්තීය පුහුණුවක් ලබලා ඒවා කරලා මුදල් උපයන්න කැමති නැහැ. හැමෝම කැමති නිකන් ඉඳලා මොනවා හරි හොරකමක් කරලා ලොකු මුදලක් උපයාගන්න. අනිත් එක ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉතා අමාරුයි. ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයාට නැගී සිටීමට හැකි පරිසරයක් නොමැත.
මේ ගිවිසුමේ අන්තර්ගතය සහ එයින් රටට ඇති සත්‍ය බලපෑම දැනගැනීමට නම් ජනාධිපතිවරයා මේ පිළිබඳව පත් කළ කොමිසමේ වාර්තාව ලැබෙන තෙක් සියලු දෙනා ඉවසා සිටිය යුතු බවයි. පසුගිය සතියේ රුපවාහිනී නාලිකාවක පැවති සංවාදයකදී හෙළිවූයේ බන්දුල ගුණවර්ධන වැනි "ආර්ථික විශේෂඥයින්" පවා මේ ගිවිසුම වැරිදි ආකාරයකට වටහාගෙන තිබූ බවකි. ලංකාවේ සමහරක් රටට අලුත් දෙයක් ගෙනෙන්නට තැත් කරනවිට සැමවිටම කරන්නේ ගල් යුගයේ තර්ක කියවමින් රට ආපස්සට ඇදගෙන යාමට තැත් කිරීමයි.