IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සක්විති සමාගමේ ලිපිගොනුවක් අස්ථාන වීම ගැන සොයයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමේ ලියාපදිංචි ලිපි ගොනුව සමාගම් රෙජිස්ටාර් කාර්යාලයෙන් අස්ථාන ගත වීම ගැන වහාම පරීක්‍ෂණයක් පවත්වා අධිකරණයට දැනුම් දෙන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (11) රහස් පොලිසියට නියම කළේය.

මහජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදලක් ලබාගෙන මුදල් සමාගම් පනතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සක්විති රණසිංහ ඇතුළු 11දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඒ බව දැනුම් දුන් අතර මෙම නඩුව ලබන ඔක්තොම්බර් මස 10වැනිදා විභාග කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළේය.
 
එම සමාගම ලියාපදිංචි කිරීමට අදාළ ලිපි ගොනුව සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් අස්ථාන ගත වී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කළ දැනුම් දීමක් සළකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.

2006 නොවැම්බර් මස පළමුවැනිදාත් 2008 සැත්තැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළ නුගේගොඩදී මුල්‍ය සමාගමේ කොන්දේසිවලට පටහැනිව සක්විති හවුස් ඇන්ඞ් කන්ස්ට‍්‍රක්ෂන් නමින් මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑමට කුමන්ත‍්‍රණය කළැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතීවරයා විසින් චෝදනා ගොනු කරනු ලැබ ඇත .



අදහස් (1)

සක්විති සමාගමේ ලිපිගොනුවක් අස්ථාන වීම ගැන සොයයි

Chanak Los angeles Tuesday, 11 July 2017 08:07 PM

රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලිපිගොනු නැතිවෙනවා පොලිසියේ නඩු භාණ්ඩ නැතිවෙනවා. අධිකරණයේ ෆයිල් අස්ථාන ගත වෙනවා අධිකරණ වෛද්‍යවරයාගේ යටතේ තැන්පත් කර තිබෙන මෘත ශරීර කොටස් වාෂ්ප වෙනවා ... මෙහෙම රටක ජීවත් වීමම පාපයක් නොවේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site