රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය දිගටම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.
අද (01) රේගු වෘත්තිය සමිති සහ මුදල් ඇමැති අතර අද පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවද ඔවුන් පවසයි.
ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරෝධය දක්වා ඔවුහු මෙලෙස වර්ජනය ඇරැඹුහ.
මෙම වර්ජනය හේතුවෙන් භාණ්ඩ නිශ්කාශනය කිරීම ඇතුළු සියළු වැඩ කටයුතු ඇන හිට තිබේ.වර්ජනය අරඹා අදට දින තුනකි.
(36698)

(ඡායාරූපය - ගයාන් අමරසේකර)

COMMENTS
වැඩකරන මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඔය දේශපාලකයෝ ඔක්කොම ගෙදර යවන්න ඕනෑ. ගෙදර යන්න බැරි නම් සෝමාලියාවට ගහලා එලවන්න ඕනෑ.
හරිම දක්ෂයි ඔය සල්ලි හොයාගන්න. එ්කයි ඔය රේගුවේ අය දඟලන්නේ. එයම තියාගන්න. ඔක්කෝටම එකතුවෙලා ගජරාමෙට කන්න පුළුවන්නේ... නැතුව රටට ආදරේට නෙමේ...
මේක වෙනවා කියලා කලින්ම අනාවැකිය අාවා..
ලංකාවේ ලොකුම අල්ලස් ගනුදෙනුවට සම්බන්ධත් මේ ගොල්ලෝ, සේනා දළඹුවා අාවෙත් මේ ගොල්ලන්ට හොරෙන් හෝ කනින් රිංගලා... ඒ නිසා මේ අයට වර්ජනය කරගන්න ඇරලා විශ්‍රාම ගිය සේවකයන් යටතේ හමුදාව යොදවන්න. ඉස්සරත් හමුදාවේ රණවිරුවන්නේ රට හැමතැනම පරීක්ෂණ මුරපොළවල් දාලයි රාජකාරි කලේ. මේ ටිකත් ඒ අය අකුරටම කරයි.
ආර්ථිකය ගැන මෙලෝ දෙයක් නොදන්න සහ පවුල්බර වගේ දේවල් නොදන්න කෙනෙක් තීරණ ගන්න ඉන්නකොට අනවශ්‍ය ප්‍රශ්න ඉබේම ඇතිවෙනවා. මේවා ඇදෙනවා කියන්නේ ආනයන විතරක් නෙමේ අපනයනයටත් බලපානවා. කොහොමත් මේ ආණ්ඩුව ගෙදරයන පාර තමන් විසින්ම වේගයෙන් කපන් යනවා කියන එක නම් පේනවා.
මේ ඔක්කොම අයින් කරලා අලුතින් බඳවා ගන්න. ඕනෑතරම් උපාධි තියෙන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා අපේ රටේ...
මේක එතරම් ලොකු රාජකාරියක් නොවේ. හමුදා අනු ඛණ්ඩයකට විශේෂ පුහුණුවක් දුන්නම ඇති. ඉන්පසු ක්‍රමයෙන් උපාධිධාරීන් සහ උසස් පෙළ සමතුන් බඳවා ගන්න. හමුදා අධීක්ෂණය පවත්වාගෙන යන්න.
යුද්ධය අවසන් කළාට පස්සේ රටේ සෑම අංශයකටම යුධමය වේගවත් සංවර්ධනයක් හඳුන්වා දෙමින් හමුදාමය පසුබිමක් ඇත්තන්ට අත්‍යාවශ්‍ය රාජකාරි වලටත් පුහුණුවක් ලබා දුන්නා නම් මේක වෙන්නේ නැහැ. දැන් එ්කට ප්‍රමාද වැඩියි. අපේ හරක් දේශපාලකයින් කලේ යුද්ධයෙන් පසුව රටේ සල්ලි මංකොල්ල කෑම විනා සැලසුම් සහගත සංවර්ධනයක් නොවෙයි. අපේ අවාසනාවකට ඒ මංකොල්ලකරුවන් ප්‍රතික්ෂේපකොට වෙනත් සුදුස්සෙකුට රට බාරදීමට හැකි දේශපාලන ක්‍රමයක් අපට ඉතිරි වී නැහැ. අද ඇත්තේ රජ ජනතා නියෝජිතයින් විය යුත්තේ කවුදැයි තමා විසින්ම තෝරා එවන සහ එම නියෝජිතයින්ය යයි කියාගන්නවුන් විසින් රජාගේ අභිමතාර්ථයන් සියල්ලට එහෙයි කියන ක්‍රමයකුයි. ඇමතිවරු පත්කරන්නේද ඔවුන්මයි. ඒ ඇමති මණ්ඩලයේ කැමැත්ත ගෙන ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබුණා යයි පවසමින් රටේ ඕනෑම ජඩවැඩක් කිරීමට ඔවුන් විසින්ම බලපත්‍ර ලියාගන්න යුගයකයි අප සිටින්නේ... දැන් අපට කළහැකි කිසිවක් ඉතිරිව ඇතිද? අපට අපේ නියෝජිතයකු පාර්ලිමේන්තුවට යැවීමට හැකිද? ඉතින් ඇස් අයාගෙන මොවුන්ගේ නාඩගම් බලාසිටිනවා හැර වෙන කලහැක්කේ කුමක්ද?