(නිමන්ති රණසිංහ)
තීරු බදු වංචා කරමින් ටොන් 12 ක බීඩී කොළ කන්ටේනරයක් නීතී විරෝධි ලෙස මෙරටට ගෙන්වා එය රේගුවෙන් නිදහස් කර ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප හිමි වු සැකකරු ලබන 25 වැනිදා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (18) නියෝග කළාය.
පසුගිය සිකුරාදා (16 ) වැනිදා මෙම පුද්ගලයාට ඇප ලබා දී තිබුණද එය එසේ සිදු වුයේ ප්‍රමාද දෝෂයක් බැවින් එය නිවැරදි කරමින් රේගු ආඥා පනත සැලකිල්ලට ගෙන සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මහෙස්ත්‍රාත්වරිය අද පැවසුවාය.
තීරුබදු වංචා කරමින් රුසියානු මිලියන 40 ක රේගු බදු වංචා කළැයි ඔහුට විරුද්ධව ඇති චෝදනාව වේ.
මෙම සැකකරුට ඇප ලබා දීමට මෙම අධිකරණයේ බලයක් නැති බැවින් එය මහාධිකරණයේ සුවිශේෂි කරුණු මත ඇප ලබා දිය යුතුව ඇතැයිද මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.
නූර්දින් රසාලි අහමඩ් නැමැත්තෙකු මෙලස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.


COMMENTS
මේක අතේ කෝට් ඇල්ලුවනං, භාණ්ඩත් මෙයාගේනං, ප්‍රමාද නොවී දඬුවම් දෙන්න පුළුවන්. ඒ වගේම CCTV දර්ශන සහිත අල්ලන්න සිදුවීම්වලටත් ක්ෂණික නඩු තීන්දු දීලා නඩු ඉවර කරන්න පුළුවන්...
ප්‍රමාද දෝෂයක් කීයක් විතර වෙනවද?
අර මහධිකරණේ සභාපතිද කවුද කියන කෙනා ඇල්ලුවා නම් නිකන්ම එළියේ.......මේ අයට ඕනේ සල්ලි විතරයි
වැඩේ පත්තු උනහම ප්‍රමාද දෝෂ. උසාවියේ අවනීතිය සිද්ධ වෙන බවට හොඳම සාක්ෂි මේවා. හැබැයි ශිෂ්‍යයාට දඬුවම් කරපු ගුරුවරයාට කිසිම ප්‍රමාද දෝෂයක් නැතුව නීතිය අකුරටම ක්‍රියාත්මක වෙලා. මොකද නීතිය අවනීතියට හරවා ගන්න ඒ ගුරුවරියට වංචාවෙන් හොරකමෙන් හම්බකරපු සල්ලි නැහැ නීතිය ක්‍රියාත්මක කරවන මිනිසුන්ට ගෙවන්න.
මේක ප්‍රමාද දෝශයක් ලු. අපිට එහෙම එකක් උනානම් .....විස්තර කියන්න ගියොත් අපහාස ගැටළු ඇතිවන නිසා නිශ්ශබ්දව ඉමු.
මේ අය තමා මේ රට කන්නේ. ඒ උනාට මේ අයට ඇපෙ දෙන්න අපේ කට්ටිය පෝලිමේ ඉනවානේ. රටකට ගිය කලක්