IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සීඅයිඩියවත් නීතිපති දෙපාර්තමේන්තුවවත් ප්‍රකාශ ගනිද්දී බලපෑම් කළේ නෑ

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ නීතීපති දෙපාර්තමේන්තුව මගෙන් ප්‍රකාශ ගන්නා විට බලපෑම් කළේ නැතැයිද 2014 සිට 2015 දක්වා මේ කටයුතු සිදු කළේ කසුන් පළිසේනගේ උපදෙස් මත යැයිද ලියවිල්ලට ‘Informant’ ශිර්ෂය යෙදුවේ කසුන් පළිසේන වාචිකව දුන් උපදෙස් මත යැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු මහතා පැවසීය.

කොමිසමට සහය වන ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු මහතා එසේ පැවසීය.

2015 පෙබරවාරී පළමුවැනිදාත් 2016 මාර්තු 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි (සභාපති) ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.

ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතාගේ හරස්  ප්‍රශ්න වලට පිළිතුරු  දෙමින්  පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු මහතා මෙසේද කීය.


ප්‍රශ්නය:- ඔබ මෙම කොමිසමේ සාක්කි දීමේදී පෙන්වූයේ අදාළ ගනුදෙනු සහිත ලිපියේ දෘඩ පිටපත නේද? එහි මෘදු පිටපත් නැහැ නේද ?
පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- කසුන් පළිසේනගේ, අර්ජුන් මහෙන්ද්‍රන්ගේ සහ අර්ජුන් ඇලෝසියස්ගේ පරිගණක හා ඩිජිටල් උපකරණ බාර දෙන ලෙස මෙම කොමිසම ඔවුන්ට නියම කළත් ඔබට එවැනි නියෝගයක් කළේ නැහැ නේද?
පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- අදාළ ලියවිල්ල ඔබගේ පරිගණකයෙන් ඔබ ඉදිරියේදී ලබාගත් එකක්ද?
පිළිතුර:-  නැහැ.

ප්‍රශ්නය:- මෙම ලියවිල්ල කවුරු කොයි වේලාවක ලබා ගත්තා කියා ඔබ දන්නවාද?
පිළිතුර:- නැහැ.

ප්‍රශ්නය:- මේ ලිපිය කසුන් පළිසේනට ඊ-මේල් කළ එකක් නේද?
පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- පරිගණකයේ පිටපතට ඔබ මොකද කළේ?
පිළිතුර:- මා එය මකා දැම්මා.

ප්‍රශ්නය:- එම ලිපිය ඔබ කසුන් පළිසේනට ඊ-මේල් කළා නම් එය කසුන් පළිසේනගේ පරිලණකයේ තිබිය යුතුයි නේද?
පිළිතුර:- ඔහු එය මකා නොදැම්මා නම් තිබිය යුතුයි.

ප්‍රශ්නය:- 2014 කාලයේදී මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කටයුතු කළේ නැහැ නේද?
පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- මෙම පියකියවිල්ලට අනුව 2015 මාර්තු 10 වැනිදා ගනුදෙනුව හැර අනෙක් ගනුදෙනු මෙම කොමිසමේ බලපත්‍රයට අදාළ වන්නේ නැහැ නේද?
පිළිතුර:- ඔව්.
මේ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා ලිපි ලේඛන කිහිපයක් සාක්කිකරුට පෙන්වීය.

ප්‍රශ්නය:- මෙම ලිපියේ ‘කා’ යනුවෙන් හඳුන්වන්නේ පුද්ගලයෙක් ගැන නෙමේ, පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධානියකු මෝටර් රථයක් මිලදී ගැනීමක් ගැන නේද?
පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. ‘චාලි’ යනුවෙන් හදුන්වන්නේ කවුද කියා මා අසා තියෙනවා නේද?
පිළිතුර:- ගනුදෙනු කාමරයේ සිටින අය එම නමින් හඳුන්වන්නේ කවුද කියා දන්නවා.

ප්‍රශ්නය:- එතකොට මේ ලිපියේ සඳහන් වන්නේ ඒ ‘චාලි’මද? කියා ඔබ දන්නේ නැහැ?
පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. ‘මැංගා’ යනුවෙන් හදුන්වන්නේ කවුද?
පිළිතුර:- ගනුදෙනු කාමරයේදී එහෙම කෙනෙක් ගැන අසා නැහැ.

ප්‍රශ්නය:- එතකොට රුපියල් බිලියන 03ක ආර් ආර් යනුවෙන් හඳුන්වා ඇත්තේ මොනවාද?
පිළිතුර:- ඒ ප්‍රති විකුණුම් ගිවිසුම් පිළිබඳවයි.

ප්‍රශ්නය:- ඒවා මහ බැංකුවේ පරිගණක පද්ධතියේ සටහන් වනවා නේද?
පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- ඒ අනුව මෙම ලේඛනයේ ඇති සමහර ගනුදෙනු මහ බැංකුවේ සටහන් වෙලා තියෙනවා. මෙහි සෑම එකකම සටහන් වී ඇත්තේ අල්ලස් දීම ගැන නෙමේ නේද?
පිළිතුර:- ඔව්.

සේවක අර්ථ සාධක අරමුදලේ හිටපු ප්‍රධාන ගැනුම්කරු සමන් කුමාර නමැත්තා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් අසන ලද හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්  පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු මහතා මෙසේද කීය.

ප්‍රශ්නය:- 2015 මාර්තු 10 වැනිදා සේවක අර්ථ සාධක අරමුදලේ ගැනුම්කරුවෙකුවට අල්ලස් දුන්නා කියලා ඔය ලේඛනයේ සඳහන් වනවා නේද?
පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- සමන් කුමාර ගැනුම්කරුවකු හැටියට මහ බැංකුවට සම්බන්ධ වුණේ 2015 ඔක්තෝම්බර් මාසයේදී නේද?
පිළිතුර:- ඔව්

ප්‍රශ්නය:- සමන් කුමාර ගැනුම්කරුවකු හැටියට මහ බැංකුවට සම්බන්ධ වුණේ 2015 ඔක්තෝම්බර් මාසයේදී නම් ඔහු මෙම අල්ලස් ගැනීමට සම්බන්ධ නැහැ නේද?
පිළිතුර:- ඔව්.

කොමිසමට සහය වන වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් නුවන් සල්ගාදු මහතා මෙසේද කීය.


ප්‍රශ්නය:- අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ නීතීපති දෙපාර්තමේන්තුව ඔබගෙන් මෙම ප්‍රකාශය ගන්නා විට ඔබට බලපෑම් කළේ නැහැ නේද?
පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- 2014 සිට 2015 දක්වා මේ කටයුතු සිදු කළේ කසුන් පළිසේනගේ උපදෙස් මත නේද?
පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- මෙම ලියවිල්ලට ‘ෂබදෙරප්බඑ’ ශිර්ෂය යෙදුවේ කසුන් පිළිසේනගේ උපදෙස් මතද?
පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- මෙය කරන්න කසුන් පිළිසේන උපදෙස් දුන්නේ වාචිකවද?
පිළිතුර:- ඔව්.

වැඩිදුර සාක්කි විමසීම සිදු කෙරේ.

මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ, අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික්‍රමසේකර, රජයේ නීතීඥ  ධනුෂන් කනේෂයෝගන් යන මහත්ම මහත්මීන් සමඟ  වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.

පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතාද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන්  නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතාද ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් නීතීඥ චානක ද සිල්වා මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.

 



අදහස් (4)

සීඅයිඩියවත් නීතිපති දෙපාර්තමේන්තුවවත් ප්‍රකාශ ගනිද්දී බලපෑම් කළේ නෑ

Rohana Monday, 16 October 2017 08:16 AM

සීඅයිඩිය නීතිපති දෙපාර්තමේන්තුව මෙම කොමිසම හමුවේ කරන ලද කාර්ය භාරය ගැන ප්‍රශංසා කරනවා. අගය කරනවා. ජනතාව බලාගෙන ඉන්නේ කොමිසමේ අවසාන තීරණය ගැනයි.

:       0       11

SuranimalaMonday, 16 October 2017 01:29 PM

කොමිසමේ අවසාන තීරණය දෙන්න කලින් මාධ්‍ය සහ විපක්ෂය නොයෙකුත් තීන්දු දීපු නිසා කොමිසමේ අවසාන තීරණය සම්බන්ධව ජනතාවගේ විශ්වාශයක් නැති වෙයි.

:       3       12

shameer Monday, 16 October 2017 11:06 AM

ඔක්කොටම වැඩිය රජයේ විනිවිද භාවය පිළිබඳව සන්තෝස වෙනවා... මීට කලින් මේ වගේ පරීක්ෂණ වුණා නම්, අද ලංකාව ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ඇති.....

:       43       79

ramanTuesday, 17 October 2017 07:01 AM

ඒ කාලෙත් හොරකම් වුණා තමයි නමුත් මේ වාගේ හොරකමක් වුනේ නැහැනේ ඔක්කොම ටික විනිවිද පෙනෙන්න. කොහොම වහගන්නද මන්දා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31361 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13578 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 991 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site