
(ශානුක අරවින්ද)
තවදුරටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශීය හෝ ජාත්‍යන්තර තරග සඳහා තමා සහභාගි නොවන බව තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය, ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත. සිය පවුල සමග තමා ඇමරිකාවේ පදිංචියට යෑමට තීරණය කළ බවද එම ලිපියේ සඳහන් වේ.
ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන තරගාවලි සඳහා ඔහු ඇතුළත් නොවනු ඇත.
ෂෙහාන්, හිටපු ජනප්‍රිය නිලියකගේ දියණියක සමග විවාහ වූ අතර ඇය ඇමරිකාවේ පුරවැසිභාවයට හිමිකම් කියන බව දැනගන්නට ලැබේ. තවමත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශ කර නොමැති බැවින් ඇතැම් විට ඉදිරියේදී ඔහු ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවද වාර්තා වේ.
එක්දින ජාත්‍යන්තර තරග 12 කට සහ විස්සයි20 තරග 18 කට ක්‍රීඩා කර ඇති ෂෙහාන්, එක්දින තරගවලදී අර්ධ ශතකයක් සමග ලකුණු 195 ක් රැස්කමින් කඩුලු 3 ක් බිඳහෙළා ඇත. එක්දින තරගයකදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමන්‍යය 21.66 කි. එක්දින තරගයක කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 92.33 කි.
විස්සයි20 තරග 18 කදී ලකුණු 241 ක් රැස්කරගෙන ඇති ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 15.06 කි. බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 3 ක් වන අතර කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 71.00 කි.
ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග 80 කදී ශතක 11 ක් සහ අර්ධ ශතක 31 ක් සමග ලකුණු 5431 ක් රැස්කිරීමට සමත්ව ඇති ෂෙහාන්, එහිදී කඩුලු 193 ක් දවාගැනීමටද සමත්වී ඇත. ඊට තරගයකදී කඩුලු 10 බැගින් දවාගත් අවස්ථාවක් සහ ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 9 ක්ද ඇතුළත් වේ.
මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ෂෙහාන් ජයසූරිය, මූවර්ස්, පොලිස්, හලාවත මේරියන්ස් යන ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් අන්තර් සමාජ තරග සඳහා සහභාගි විය. ශ්රී ලංකා 19 න් පහළ, 23 න් පහළ, ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ ‘ඒ’ කණ්ඩායම නියෝජනය කිරීමටද ඔහු සමත් විය.
COMMENTS
මෙන්ඩිස් කවදා යාවිද මන්දා?
ඔයා ගියාට අපිට මෙන්ඩිස් ඉන්නවනේ..
මොළය සිඳිමින් යනවා.
ඔබගේ අනාගත දියුණුවට සුබපැතුම් ...!!!
අතපය සවි ශක්තිය ඇති තරුණ කාලේ ඔබට මොලේ පෑදීම ගැන අපේ සුබපැතුම්.. !!!
ඔබට නුවණ පහළවීම ගැන මගේ සුබ පැතුම්... මොරටුපුරේ ඔබේ සගයා කුසල්වත් හැකි ඉක්මණින් ඇමෙරිකාවට ගෙන්වා ගන්න.
හිටියා කියලා වැඩක් ගත්තෙත් නැහැනේ... මෙන්ඩිස් වගේ අයට තැන දීලා, මේ මිනිස්සු හැලුවම ඕනෙම එකෙක්ට එපාවෙනවා...
ලංකාවේ ක්‍රිකට් සදහටම හාන්සියි දැන් ඉතින්... බිංදු කුසල්ට ජයවේවා...!!!
විනයක්, නීතියක් ඇති රටකට ගොස් ජීවත් වෙන්න. ඔබට සුබ පැතුම් .