බිමල් ශ්‍යමන් ජයසිංහ
ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ගිහාන් සඳරුවන් නැමැත්තා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහක් සහ ජීව අත් බෝම්බයක් සමග අද (19) පැලියගොඩ දී පොලිස් විශේෂ බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා ඝාතනයට ලක්වූ මන්ත්‍රී ෂාමෙල් සඳරුවන්ගේ සහෝදරයා බවද පොලිසිය කියයි.
වත්තලදී ඝාතනයට ලක් වු පාතාල සමාජික ඩී මංජු නැමැත්තාගේ ප්‍රති විරුද්ධ කල්ලිය මෙහෙය වන ගිහාන් සඳරුවන් නැමැත්තා සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd