(ඉන්දිකා රාමනායක )
මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ බෝම්බ පුපුරවාගත් නිවසේදී තුවාල ලබා සිටි කාන්තාව සහ වයස අවුරුදු 4 ක් වු දැරිය ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බ පුපුරවාගත් ජාතික තව්හිත් ජමාත් සංවිධනයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තාගේ බිරිඳ හා දියණිය බවට පොලිස් මාධ්‍ය ප්රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මොහොමඩ් සහරාන් නැමැත්තාගේ සහෝදරිය හා ඇගේ සැමියා විසින් මොවුන් දෙදෙනා හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය. මෙම කාන්තාව සහ දැරිය පොලිස් ආරක්ෂාව යටතේ අම්පාර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් පසුවෙති.
තුවාල ලබා ඇත්තේ සහරාන්ගේ බිරිඳ වන අම්බදුල් කාදර් ෆාතිමා සාදියා සහ ඇගේ දියණිය වන රුසෙයිනා සහරාන් බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
අම්බදුල් කාදර් ෆාතිමා සාදියා නැමැති මෙම කාන්තාව පොලිසියට අවශ්‍ය සිටි පොලිසිය සොයමින් සිටි සැකකාරියක් බවද පොලිසිය කියයි.
මොහොමඩ් සහරාන් නැමැත්තා ඉකුත් (21) ෂැංග්‍රිලා හෝටලයේ දී බෝම්බයක් පුපුරවාගෙන මියගොස් සිටි එක් බෝම්බකරුවෙකි.
කල්මුණේ සයින්දමර්දු වොලිවේරියන් සුනාමි ගම්මානයේ ඉහත නිවස තුළ සිදු වූ පිපිරීම් වලින් සහ වෙඩි ප‍්‍රහාරවලින් මියගිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් හය දෙනකු ඇතුළු 16 දෙනකුගේ මළ සිරුරු සොයා ගත් බව පොලිසිය කියයි.
COMMENTS
අපේ අභීත ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ අඩපණ කර ඇති බවට කල ප්‍රකාශ සියල්ලම බොරු බව මේ සතිය තුල ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් හොඳටම පැහැදිලි වෙනවා. මෙවැනි ප්‍රකාශ දැන් වෙනත් කණ්ඩායමක් තමන්ගේ දේශපාලන කටයුතු ප්‍රවර්ධනය කර ගැනීම සඳහා ලොව පුරා ප්‍රචාරය කරමින් සිටියි.
බුද්ධි අංශයේ කාර්ය භාරය බෝම්බ ගැහුවම ගහපු එවුන් අල්ලන එක කියලා හිතාගෙන ඉන්න හරක් හින්දා තමයි මේ රටට කෙලවුණේ..
බුද්ධි අංශ වැරැදි කර තිබේ නම් රටේ නීතියට අනුව ඉක්මනින් දඩුවම් දෙන්න නිදොස් නම් නිදහස් කරන්න මේකට කවුරුවත් විරුද්ධ වෙන්න අවශ්‍ය නැහැ නමුත් ලංකාවෙ නීතිය එතරම් කාර්යක්ෂම ද? වැරදි කළවුන් නිදහස් කිරීම, එම වැරදි වලින් වින්දිතයන් වුඅයට වූ පරිදිම ඔබට දෙයක් වනතුරු හොදයි කියාවි
අනිල් ඔබට වගේම මටත් තේරැණා බත්කන හරක් තමන්ගේ හිත හදාගන්න මෝඩ කමෙන්ට්ස් දානවා කියලා..