(ප්‍රසාද් රුක්මල්)
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අනුරාධපුර තබුත්තේගම ප්‍රදේශයෙදී කළ කථාවකට ඌව පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවු බවට විරෝධය පළකර මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගේ අත්සන් සහිතව පළාත් සභා මන්ත්‍රී චමින්ද ජානක මහතා විසින් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවක් අද (23) ප්‍රතික්ෂේප විය.
ආණ්ඩු පක්ෂයේ සිටි ශෂින්ද්‍ර රාජපක්ෂ, සභානායක සුදර්ශන දෙනිපිටිය, කුමාරසිරි රත්නායක මන්ත්‍රීවරුන් තිදෙනාම ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස විපක්ෂයේ අසුන් ගත්හ.
මන්ත්‍රී වරප්‍රසාද කඩ වී මන්ත්‍රීවරුන්ට අපහස වී ඇති හෙයින් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍යධුරයට ඉවත් කරන ලෙසට ඉල්ලමින් විශ්වාසභංග යෝජනාවක් සභාපතිවරයාට බාරදුන්හ.
මෙහිදි විපක්ෂයේ ජයසිංහ බණ්ඩාර මන්ත්‍රීවරයා එම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් කී දෙනෙකු අත්සන් කර තිබෙනවාද එය සභාපතිවරයා පිළිගන්නවාදැයි විමසා සිටියේය.
(36698)
ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්


COMMENTS
මොකද්ද අප්පා ඒ හරුපේ?
වෙන කොහේ යන්නද අනේ? එක්කෝ මෙහෙ නැත්නම් එහේ...
එතකොට මෙච්චර කල් ආණ්ඩුවේද හිටියේ?
පැන්ෂන් ගිය දෙතුන් දෙනෙක් විසින් ලබාදුන් උපදෙස් නිසා පොහොට්ටුවේ මඳක් හෝ පෙනෙන්නට තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ගතිකයන් වෙනුවට "හිට්ලර් නම්බු නාමයක්" විහින් පවරාගැනීමෙන් පසු රටපුරා ඇතිවුණු අභියෝග සඳහා මුහුණදී ගත නොහී තවත් "නායකයෙක්" මාස තුන, හතරකට රට හැර යන බවයි කියන්නේ. එය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදීන්ට අවාසියක් ගෙනදෙන කාරණයක් වන්නේ නැත. ශ්‍රීලනිපයට පොහොට්ටුව ලෙස හෝ යලි අවදිවීමට නම් එජාපය දැනට ජනතාවට ප්‍රදානය කර ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා ඉක්මවා යන ධනාත්මක ගතිකයක් එහි ගැබ් විය යුතුමය. එසේ නැතුව පුද්ගල ප්‍රතිරූප විභූතිමත් කිරීමට යෑම ගෝත්‍රිකය. මේ දියුණු විභවය විපක්ෂයේ තේරුම් ගත්තෝ නැතුවාමසේය. හිටියත් ඉතාමත් අවම වශයෙනි. ඔවුහු පොල්ලෙලි වල ජයග්‍රහණය ගැන විශ්වාස කරති. පොල් ගසති. අද වනවිට විපක්ෂය රාජපක්ෂවාදී වුවද එය අන්තවාදී වෙනවාද? ප්‍රජාතන්ත්‍රවාදී වෙනවාද? යන කාරණය සමග දැඩි අර්බුදයක පැටලී ඇත. දවසට විසි, තිස් වතාවක් ගිහියන් පන්සිල් සමාදන් කරවීමේ කටයුත්තෙහි යෙදී ඉන්නා නාහිමිවරුන් වහන්සේ "හොරා කෑවට කමක් නෑ රට හැදුවානේ" කියන තැනට පල්ලම් බැස ඇත්තේ බුදුන් වහන්සේ වෙනුවට වෙනත් පුද්ගලයින් ඇදහීමට යාම නිසායි.
කොහොමටත් විපක්ෂව තමයි වැඩ කෙරුවේ...
අනේ ගෙදර යන්නකෝ...!!!
එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට... මේ අයට ජනතාව ගැන හිතන්න වෙලාවක් නැහැ. මේ අයගේ මඩිය තරකර ගන්නවා ඇරෙන්න. මෙහෙම අයටත් ඡන්දෙ දෙන හරක් ඉන්නවනේ...
දැන් එන්නේ ගෙම්බන්ගේ වාරේ. ගෙම්බන් නොදැකපු අයට දැන් ඉතින් මදි නොකියන්න බලාගන්න පුළුවන් වෙයි.
මේ අර මහ ඇමැතිගේ පගා දීලා ශේප් කරනවා කිව්ව කතාවට විරුද්ධවද? ඒ ගැන නඩු දාන්න ඕනේ මහඇමැති බොරු කිව්වා නම්...
අනේ මට මොකක්ද වුනා වගේ වුනා, එතකොට කතරගම බස්නායක නිලමේත් විපක්‍ෂෙට ගියා එහෙනම් .
පැහැදිලිවම අපැහැදිලි කතාවක්. කව්ද මේ මිනිස්සු? පළාත් සභාවේ හිටියද? රටට වටිනාකමක් තියේවිද මේ නිව්ස් එකේ?
ඕක තමයි අපි හැමදාම කිව්වේ ගෙම්බො පැනීම ව්‍යවස්ථාවෙන් අයින් කරන්න කියලා. අපේ ඡන්දෙන් ගිහිල්ලා අපේ කැමැත්තට විරුද්ධ දෙයක් කරන්න එයාලට ඇති අයිතිය මොකක්ද? පක්ෂෙ මාරු කරනවා නම් ආසනෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑ. පගා අරන් පනින්නත්, පගා දීලා ගන්නත් පුළුවන් නිසා කිසි කෙනෙක් මේකට කැමති නැහැ.
රටට ජනතාවට වැඩක් කරන්නනේ මෙයාලා එහෙ මෙහෙ පනින්නේ. මට නම් පක්ෂය මොකක්ද විපක්ෂය මොකක්ද කියලවත් වැටහීමක් නැති තරම්.