IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙහෙයුම් කටයුතු අරඹයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනයවීමත් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර ඒ අනුව කොළඹ වරාය වෙත අද (28) පෙරවරුවේ සුඛෝපභෝගී මගී නෞකාවක් පැමිණියේය.
 
‘ක්‍රවුන් ප්‍රින්සස්’ නැමති ඇමෙරිකානු මගී නෞකාව 2,098 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ද සමඟ මෙසේ කොළඹ වරායට පැමිණ ඇති අතර එය මෙරටට පැමිණ ඇත්තේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වරායෙහි සිට දින 15ක පමණ ගමනක් අවසන් කරමිනි.
 
එහි සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් විවිධ රටවල අය වන අතර ඔවුන් සිට රටවල් වෙත යැවීම හෙට (29) සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානා මගින් සිදුකෙරෙන බව වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
 
මෙය විශේෂ අවසරයක් මත මාස ගණනාවක් රට රටවල සංචාරයක නිරත වූ නෞකාවක් බව ද එම නිලධාරියා සඳහන් කළේය.
 
පිලිපීන ජාතිකයින් 1,466ක්, ඉන්දියානු ජාතිකයින් 380ක්, ඉන්දුනීසියානු 113ක්, ඉතාලි 28ක්, චීන ජාතික 22ක් හා ඕස්ටේ්‍රලියානු, යුක්රේන්, බල්ගේරියානු, ජපන්, දකුණු අප්‍රිකා ආදී රටවල් 28ක වැසියන් මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරන අතර එය කාමර දෙදහසකට වැඩි ප්‍රමාණයකින් සමන්විතය.

මේ කාර්ය මණ්ඩලය අතරින් ඉන්දියානු ජාතිකයින් 310 දෙනකු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් අද (29) සියරට බලා ගමන් ගන්නා බව ද එම නිලධාරියා පැවසීය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික යුද හමුදාපති, ජෙනරාල් දයා රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි, නියෝජ්‍ය පාලක කේසි ප්‍රනාන්දු සහ තොටුපල හා වරාය භාර සහකාර පාලක ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුකෙරේ.
සෙසු පිරිසද ඉදිරියේදී ගුවන් මගින් සිය රටවල් බලා පිටත් කිරීමෙන් අනතුරුව නෞකාව ඇමෙරිකාව බලා ගමන් අරඹනු ඇතැයි ද එම නිලධාරියා පැවසීය.
 
මෙම මෙහෙයුම් කටයුතු සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ඉතා ආරක්‍ෂාකාරී අයුරින් සිදුවන බව කී හෙතෙම එහි නිෂ්කාෂණ කටයුතු හා බැඳුම්කර ලබාගැනීම සිදුකරන්නේ ද ආගමන විගමන නිලධාරීන් පිරිසක් නෞකාව තුළට ගොස් බව ප්‍රකාශ කළේය.
 
ඒ අනුව විශේෂිත ආරක්‍ෂක ඇඳුම්වලින් සැරසුණු නිලධාරීන් හය දෙනෙකු සමඟ තමන් ද වරාය භාර නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රොෂාන් සම්පත් මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුකළ බව ද ඔහු කීවේය.
 
මෙවැනි තවත් නෞකාවක් ලබන 31 වැනිදාත් කොළඹ වරායට පැමිණෙන බව හෙතෙම පැවසීය.
 
කොරෝනා වසංගතය සමඟ ලෝකය මුහුණ පා ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ගුවන් සේවය විසින් කරන මෙම කාර්යය මානුෂීය මෙහෙයුමක් බව ද ඔහු පැවසීය.
 
මෙයින් ශ්‍රී ලංකාවට ආදායමක් මෙන්ම මෙවැනි මානුෂීය මෙහෙයුමක් තුළින් ලෝකය තුළ ශ්‍රී ලංකාව ගැන යහපත් ප්‍රතිරූපයක් ද ගොඩනැගෙන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.

 



අදහස් (1)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙහෙයුම් කටයුතු අරඹයි

Nandalal DE SILVA - France Thursday, 28 May 2020 06:43 PM

ශ්‍රී ලංකා ජනාධිපති, විශ්‍රාමික කර්නල්, ගෝඨාභය රාජපක්‍ෂ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික යුද හමුදාපති, ජෙනරාල් දයා රත්නායක යන අය මේ නෞකාව හරහා තවත් කොරෝනා අාසාධිතයින් කොතරම් ගානක් අපේ රටට මේ දායාදය ගෙනාවාද කියා තව ටික දිනකින් දැනගැනීමට පුළුවන් වේවි. මෙතන මානුෂික මෙහෙයුමකට වඩා තිබෙන්නේ ආදායම ලබා ගැනීම බව පැහැදිලිවම පේනවා. රට ඇද වැටි තිබෙන ආර්ථික අහේනියට නැව් මගින් කාසි හොයාගන්න උත්සාහ කිරීම "ලේනෙක් වලිගයෙන් මහ මුහුද හිස් කර මුහුදට වැටුන සිය පැටියා බේරා ගැනීමට ගත් උත්සාහය වගේ" කියා මගේ ආච්චි හිතනවා ! එහෙමවත් කරලා බලන්නකෝ...!!!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site