( චමිල් රුපසිංහ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයක ඇති බවත් ඒ නිසා පක්ෂය ශක්තිමත් කර ගත යුතු බවත් සමාඡ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්. බි. දිසානායක මහතා පවසයි.
එය ඡනාධිපතිතුමාගේ මැයි දින කථාවෙන් අවධාරණය වූ බවත් ඒ සදහා ශක්තිමත් අඩිතාලමක් මැයි දින රැළියෙන් ලැබුණු බවත් ඒ මහතා කියයි.
Zහිටපු ජනපතිතුමා වෙනම පක්ෂයක් යටතේ ඊයේ පැවැත්වු මැයි රැළියෙන් යමක් ඉගෙන ගන්නට ඇති. අහසින් ගත්තු පොටෝ දාල පිට්ටනිය පිරෙවුවත් සමහර මන්ත්‍රීන් නොපැමිණීම, සමහර මන්ත්‍රීවරුන් රැලියට ජනතාව රැගෙන නොයැම නිසා පාක්ෂිකයන් නැවත ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝඡනය කරන අප වටා එක්විය යුතු බවට රටට පණිවිඩයක් දුන්නා“
“මහින්ද රාඡපක්ෂ මහතා මැතිවරණයක් ඉල්ලුවත් මහින්ද රාඡපක්ෂ මහතා ඇතුළු පක්ෂය පළාත් පාළන හා නගර සභා ඡන්දයෙන් පරදිනවා. මැතිවරණවලින් පැරදිමේ පසුබිම එතුමාගේ පවුලෙන්ම ඇරැඹෙනවා.මැතිවරණය ආරම්භ විමට ප්‍රථම එතුමාගේ පවුලේ කිහිප දෙනෙකු අප පක්ෂය වටා එකතු වෙනවා“
“දකුණේ තැන් කිහිපයක් දිනා ගැනිමට ඔවුනට හැකි වුවත් ඔවුන්ට දිනා ගත හැකි තැන් වලට අපේ පක්ෂයේ දක්ෂයින් දැමුවහොත් ඔවුන් පරාජය වීම ඒකාන්තයි.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දී අද(02) පැවති ‘පරිසරය පුඡනියයි‘ වැඩ සටහනට සහභාගි වෙමිනි.
COMMENTS
ඕවා දුකට කියන කතා.
මහින්ද මහතාගේ පක්ෂය ඡන්දෙන් පරදිනවානම්, මොනවටද ඒ ගැන ඔයතරම් බයවෙලා ? ඡන්දෙ තියලම බලන්නකෝ ඔය කියන පක්ෂේ ඉන්න දක්ෂයන්ට වෙනදේ
මැතිවරණ ගැන කතා කරන්න මැතිවරණ තියන්න එපැයි
මොහු ජනාධිපතිවරණයට කලින් වර්තමාන ජනාධිපති තුමා ගැන කිව්වෙත් ඔය විදියටමයි
මෙයාට නම් ඊයේ මහින්දට ඉන්න සෙනග දැකල පයිත්තියන් හැදිලා දොඩවනවා. ඉතින් මෙයා කියන දේ මහින්දට වෙන්න වහාම තියන්නකො මොකක්ම හරි චන්දයක්.
ඔබ තුමාට දැන්වත් තේරෙනවද හොඳට වැඩ කලොත් දිනිය හැකයි කියල ආදර්ශයට මහින්ද අමරවීර,සජිත් ප්‍රේමදාස , බුද්දික පතිරණ ආදර්ශයට ගත්තොත් හොන්ෆයි.
දුකයි ඒත් හිත හදාගන්න ඇමතිතුමා.
චන්දය කිට්ටු වෙනකොට ඔබතුම මාධ්‍ය වලට පෙනී සිටීමෙන් සහ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටින්න , ඔබතුමාගේ වාචාල කට ඇරියොත් පක්ෂෙට ලැබෙන්න තිබෙන චන්දත් න්ලබි යනවා
අනේ SB .. තමුනුත් පැරදිලයි කියල දන්නේ නැද්ද.. ඇප නැතුව ඉදල දැන් සද්දේ දානවා...
අන්න එහෙම කෙලින් හිටගන්න. පක්ෂය හදන්න පක්ෂය කඩන මිහින්දට උනත් කෙලින්ම ගහන්න. එතෙකොට නියම පාක්ෂිකයන් ජනාධිපති වටා එකතුවේවි.
හීනෙන් බයවෙලා දොඩවන්න පටන් අරන් වගෙඉ පෙන්නේ. ජනතාව නුබව පරාජයට පත්කළේ මිට කලින් දැන් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට ආවට
ඔබතුමටවත් මහා මැතිවරණයේදී දිනන්න බැරිවුණ එකේ පක්ෂය කොහොමද දිනවන්නේ .පින් චාන්ස් එකක් හැර
අහෝ එස්.බි නොදිටි මොක්පුර.
කව්රු කෙසේ කිවත්, මේ මැයි දින රැස්වීම්වලින් පෙන්නුම් කරන්නේ මහින්ද රාජපක්ෂ තවමත් ලාංකික දේශපාලනයේ සැලකිය යුතු බලවේගයක් බවයි.
මෙයා තාමත් හිතන් ඉන්නේ ගිය මහා මැතිවරණයෙන් දිනලා ජනවරමකින් පාර්ලිමේන්තුවට ඇවිල්ලයි ඉන්නේ කියල.පවු මෙයාට අනුකම්පාකරන්න.
මෙන්න පාර්ලිමේන්තු මැතිවරණයෙන් දිනපු කෙනෙක් කතා කරනවා. මෙවැනි පුත්ගලයන් පැත්ත මාරු කල විට කල පව් ඔක්කොම හොද වීම අපේ රට දිනෙන් දින ආගාධයට යෑමට ප්‍රධාන හේතුවයි!
මගේනම් ඒකාබද්ධ විපක්ෂයට කිසිම කැමැත්තක් නැහැ. ඒත් පළාත් පාලන මැතිවරණය කල් දැමීම වැරදියි. චන්දය තියෙනවනම් රැළි වලින් සෙනඟ මනින්න ඕන නැහැ.
මැතිවරණය පැරදීල පිනට පාර්ලිමේන්තුවට ගිය කෙනාගේ කතානේ....... සිත නිවන කතා .....
මෙයා මේ උන විකාරෙන් දොඩවනවා.අනුන්ව පරද්දන්න කලින් තමුන් දිනලා පෙන්නන්නකෝ .ජනතාව ප්‍රතික්ෂේප කරපු අයව ඇතුලට ගත්තේ මේ වගේ අවස්ථාවල, ඇමට දන්නා මිසක් වෙන මොන කෙන්ගෙදියකටද?
සත්‍ය කතාව නම් ලංකාවේ සමස්ත දේශපාලනයම ගඳ ගහන මඩ ගොහොරුවක එරිල ඉන්නේ. ලස්සන වැඩේ කියන්නේ දේශපාලනය ගඳ ගස්සවපු මිනිසුන්ම එය පිරිසිඳු කරන හැටි කියා දීමයි.
පක්ෂය පරදවපු නායකයාට වඩා පක්ෂය දිගුකලක් දිනවපු නායකයා වටා සියල්ලෝම එක්විය යුතුය .
යථාර්තය නොහඳුනන වාචාල කටක්. ඒ නිසාම සිරගත වෙන්නත් සිදුඋන.අනත උන වෙලාවේ කරපු උදව් වලට සලකන්න ඕනනේ.
මෙන්න චන්දෙන් (නො)දිනපු කෙනෙක්ගේ වීර කතා. ඔය පක්ෂයේ දක්ෂයන් වැඩි දෙනෙක් අද ඇමතිකම් කරන්නේ දිනලද. කන්නාඩිය ඉස්සරහට ගියා නම් ඒ වගේ කෙනෙක්ව බලන්න පුළුවන් නේද.
බයවෙලා. එන සැරේ පැරදුනොත් ගෙදෙර තමයි. පව්.
මෙයා දිව හැරෙන පැත්තට කතා කරන්නේ. ඡන්දයක් තියල බලන්නකෝ මොකද වෙන්නේ කියල. මෙයා හිටපු සෙනග දැකල බය වෙලා උන විකාරෙන් දොඩවනවා දැන්
චන්දයක් තියල බලන්න මහින්ද මහත්තය පරදිනවද කියල ? මටනම් හිතෙන්නේ , පසුගිය චන්දෙන් ඔබතුමා යමක් ඉගෙන ගන්න ඇති, හිටපු චන්ද මැසිමට මොකද උනේ කියල
හිටපු ජනපතිතුමා කොපමණ සෙනග ගෙනාවත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී කමකට වඩා දෙයක් දිනාගැනීමට නීතිමය හැකියාවක් තියෙනවද ? ඔහු පෙනී සිටින්නේ වෙනත් රාජපක්ෂ කෙනෙකු වෙනුවෙන්නම් ඒ තැනැත්තාට ඔවැනිම ආකර්ෂණයක් තියෙයිද ?
ඔබතුමා ගියපාර ඡන්දෙන් දිනලද දැන් පාර්ලිමේතුවේ ඉන්නේ