හර්ෂණ තුෂාර සිල්වා
බිම්බෝම්බ වලින් තෝර ලෝකයක් සඳහා 1997 වසරේදී අත්සන් තබන ලද ඔටෝවා ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව එකඟත්වය පළ කර තිබේ.
මේ අනුව 2017 දෙසැම්බර් 13 දාතම යටතේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ බිම්බෝම්බ වලින් තොර ලෝකයක් සඳහා අත්සන් තබන ලද ‘ඔටෝවා ප්‍රඥප්තිය’ පිළිගෙන එහි ඒ අනුව කටයුතු කිරීමට එකඟ වී තිබෙන අතර ලබන වසරේ ජූනි 1 වැනිදා සිට එහි වගන්ති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැංවෙනු ඇත.
ශ්‍රී ලංකාව මෙම ජාත්‍යන්ත ප්‍රඥප්තිය ක්‍රියාවට එකඟත්වය පළ කරන ලද 163 වැනි පූර්ණ රාජ්‍යය වනු ඇත.
මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව ද අනෙකුත් රටවල් 162 මෙන් බිම්බෝමබ නිෂ්පාදනයෙන් වැළැකී සිටීම බිම්බෝම්බ භාවිතයෙන් වැළැකී සිටීම බිම්බෝම්බ විනාශ කර දැමීම යනාදි අදාළ ප්‍රඥප්තියේ වගන්ති ඉටු කිරීමට බැඳී සිටියි.
බිම්බෝම්බ සම්බන්ධයෙන් වාර්ෂිකව ඉදිරිපත් කරන ‘ලෑන්ඩ්මයින් මොනිටර්” වාර්තාවට අනුව පසුගිය වසරේදී පමණක් ලොව පුරා බිම්බෝම්බවලට හසු වී මියගිය සංඛ්‍යාව 8,605කි.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛව ලොව රටවල් සහ සංවිධාන රැසක් වසර 2025 වනවිට ලෝකය බිම්බෝම්බවලින් තොර තැනක් බවට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටියි.
ඡායාරූපය රොයිටර්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තයාට මේ ප්‍රඥප්තිය සතේකට වැඩක් නැත. ත්‍රස්තයා ලෝකයේ කිසිම ප්‍රඥප්තියකට යටත් නැත.දෙමලුන්ට ඊළම නොදෙන තාක් කල් සහ මේරජය තිබෙන තාක් කල් මෙරටේ දෙමළ ත්‍රස්ත වාදය පවතිනු ඇත. උන් අපේ හමුදාවන් යන එන මාර්ගවල බිම්බෝම්බ අතුරනු ඇත. නමුත් මේ ප්‍රඥප්තියට එකඟ උනොත් ත්‍රස්තයා යන එන මාර්ගයේ බිම්බෝම්බ ඇතිරීමට අපට බැරිය. අපේ හමුදා කඳවුරු ආරක්ෂා කරගැනීමට ඒවා වටා බිම්බෝම්බ වැළලීමට අපටද අවශ්‍ය වනු ඇත. එමනිසා යුද්දමය කටයුතු සඳහා යුද්ද නැති රටවල තිබෙන ප්‍රඥප්ති වලට අපි අත්සන් කිරීම උවමනාවෙන් අමාරුවේ වැටීමකි නැතිනම් ඉල්ලන් කෑමකි. රනිල්ගේ නැටුම අැමරිකාවේ බෙර පදයටය ඒවා මෙරටට හරියන්නේ නැත.
මේක හොද තීරණයක් නොවේ..........
හොඳ වැඩක්!!!!
දැන් අපිද මේවා හැදුවේ ???????
"ඔටාවා ට්‍රිටි එකට ඇමරිකාව අත්සන් කරලා නැති බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. " ඕක කියන්න කණගාටු විය යුතු නැත. මොකද රා කාරයා කිරි ගෙනිච්චත් රා ගෙනගියා සේ සැලකේ. රනිල් පමණක් නොව එජාපය මුළු ඉතිහාසය පුරාම නැටුවේ ඇමරිකන් බෑන්ඩ් එකටය. කෙනෙකුට යැංකි ඩිකී කියා නම වැටුනෙත් එ් නිසාමය. එමනිසා මම එසේ කීම සාධාරණය. කරුණු කාරණා එසේනම් ඇමරිකාව අත්සන් කරලා නැති ප්‍රඥප්තියකට අපි අත්සන් කරන්නේ මොන බම්බුවකටද? අවස්ථාව අාවොත් බිම්බෝම්බ වැළලීමට අපිත් ඉඩතියාගමු. අනවශ්‍ය නීති වලට බලෙන් පැටලෙන්නේ නැතිව...
මේ යන ක්‍රමයට පාර්ලිමේන්තුව වටේටත් බිම් බෝම්බ ඇතිරීමට වෙයිද දන්නේ නැත. එමනිසා ඒවාට ඉඩ තියා ගන්න.