හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් සිම්බාබ්වේට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
මෙහිදී නිරෝෂන් දික්වැල්ල (102) සහ ධණුෂ්ක ගුණතිලක (116) දක්ෂලෙස පිතිහරඹයේ යෙදෙමින් තම මංගල ශතක රැස්කිරීමට සමත් වූහ.
ජයග්‍රහණය සදහා ලකුණු 311 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව ඕවර 47.2 කදී කඩුලු 2 ක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළේය. කුසල් මෙන්ඩිස් (නොදැවී 28) සහ උපුල් තරංග (නොදැවී 44) එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 57 කදී ලකුණු 75 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරඟය පැරදී ගෙදර එන ක්‍රීඩකයින්ට ගල් ගසන ඉන්දියානුවෝ මෙන් වැඩි තැනක් නොදී ඇමරිකානුවන්, ජපනුන්, ස්වීස් ජාතිකයින්, ජර්මානුවන්, ඉතාලි-ප්රංස ජාතිකයන් මෙන් ඔලිම්පික් ක්‍රීඩා වලට වැඩි තැනක් දෙමු. ක්‍රිකට් ගැන ලෝකයේ වැඩි දෙනෙක් දන්නේවත් නැත.
ඉස්සර කාලයක් තිබුනා ජයසුරිය කලුවිතාරණ ආරම්බක පිතිකරුවන් විදියට හිටපු ඒ කාලේ ක්‍රිකට් බලන්න හරිම ආසයි ගහන මැච් වලින් වැඩි ප්‍රමාණයක් අපි දිනුවා. ආයෙත් එහෙම යුගයක් ඇතිකරන්න දික්වැල්ලටත් ධනුෂ්කටත් සුබපතන ගමන්ම ක්‍රිකට් බලදරයින්ගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ දක්ෂයින්ව කණ්ඩායමේ තියාගන්න කියලයි ඔවුන්ගෙන් තව ලොකු සේවයක් මේ රටේ ක්‍රිකට් වලට ගන්න පුළුවන්. මොවුන්ට හොද පුහුණුවක් දීලා අඩුපාඩු හදලා ගත්තානම් අපිට ආයෙත් ලෝක කුසලනයක සතුට ලබන්න අපහසු වෙන එකක් නැහැ.
මේ ලෝකේ ඉන්න අනෙකුත් ජාතීන් ක්‍රිකට් ගහන්නට පටන් ගත්තානම් ලංකාවට බඩුම තමයි....
මට නම් පෙන්නේ ක්‍රිකට් ගැන දන්නේ නැත්තේ පිටිගල මිලානෝ තමයි!
අපේ අයගේ දක්ෂතා අගයකර එයට නිසි වටිනාකම් දුන්නොත් හැමදාම අපට ජයග්‍රහණ ලබාගන්න පුළුවන්... එතින් අපේ කොල්ලන්ට එක සිතින් සුබපතනවා..