(නිමල කොඩිතුවක්කු)
සියලූම පළාත් පාලන ආයතන සඳහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා සකස් කිරීම මේ වනවිට අවසන් බවත් දෙසැම්බර් 12 වැනිදාට පළාත් පාළන මැතිවරණය සදහා නාමයෝජනා භාරදෙන බවත් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද(29) ලංකාදීපයට පැවසීය.
පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ දුරට අත ලකුණින් තරඟ කිරීමට නියමිත බවද මහලේකම්වරයා කීය.
කෙසේ වෙතත් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කිරීමට අපේක්ෂා කරන කණ්ඩායම් ස`දහා තවදුරටත් අවස්ථාව පවතින බවද ඒ මහතා පැවසීය.
කිසිදු ශ‍්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක් මේ අවස්ථාවේ බෙදී අලූත් පක්ෂයකට හෝ වෙනත් කණ්ඩායමකට එකතුවීමේ වුවමනාවක් නොමැති බවද මහලේකම්වරයා කියා සිටියේය.
COMMENTS
දුමින්ද ඔයා කොහෙද කතා කරන්නේ? බොරු කියන්න එපා ඔයාලගේ කට්ටිය අපේ පස්සේ දුවන් එනවා ඡන්දෙ ඉල්ලන්න කියලා අපේක්ෂකයෝ හොයාගන්න බැරි අය බොරු ෂෝ දාන්න එපා.. ඔයාලා තනියෙන් ඉල්ලුවොත් කොහොමත් ලංකාවේ 4 වැනි තැනවත් අමාරුවෙන් ගන්න පුළුවන් වෙයි.
මේ උන්දැගේ අර කියන ගොඩනැගිල්ල අඩුවශයෙන් චන්ද පොලකටවත් ගත්තොත් නරකද ??? මොකද ඒකට කුලිය අපිත් ගෙවනවා .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිඅව තරග වැදිය යුතුය...
ජවිපෙ එකට වඩා චන්ද ගන්න උත්සහ කරමු.... පොහොට්ටුව සහ අලියා පරද්දන එක ගැන නම් හිතල වෙලාව නාස්ස්ති කරන්න එපා.... අපි පොඩියෙන් හිතමු..... බණ්ඩාරනායක මහතා හදපු පක්ෂේ අවසන් චන්දය මෙය විය හැක....
දුමින්ද මහතාණෙනි කාටවත් අපේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය නැතිකරන්න බැහැ. හැකිනම් මැතිවරණය පසුව ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වී ප්‍රාදේශීය සභා පිහිටුවන්න.
ඇපත් නෑ ගොයියො තනියම ආවොත් මේ පාර
ඔබතුම ඔය හැදුවේ නිදහස් පක්ෂයේ නාම යෝජනා නෙමි , නිදහස් පක්ෂය විනාශකිරීමේ පිබුරු පත්......
නම ලයිස්තුව හදල ඉවර නම් තවත් සාකච්චා කරලා වැඩක් නැහැ නේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය නම් ස්ථිරයි. හැබැයි ප්‍රසිද්ද නිළියකගේ දේපලවලට එතකොටත් අපි නොකා නොබී නිකන් කුලී ගෙවන්න ඕනෙද?
මෙයට වඩා බලවත් පිරිස් ඔබ පක්ෂය අතහැර ගොස් නැවත පැමිණියේ එකවරක් ඡන්දය ඉල්ලීමෙන් පසුව සත්‍ය වැටහුණු පසුවයි. එක්සත් ජාතික පක්ෂයේත් පතාක යෝධයන්වූ ඇතුලත්මුදලි මැතිදු, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර පිහිටවූ රාජාලියා පක්ෂය දැන් කොතනකද. අවසාන එහි පසු පෙළ සිටි හිටපු මුදල් ඇමති රවිත් අවසානයේ නැවතුනේ පරධාන පෙලේ පක්ෂ දෙකින් එකක් වන එක්සත් ජාතික පක්ෂයේ. එම නිසා ඔය තාවකාලික රංගන වලට අවධානය යොමුනොකර මහජනතාව සමග "අත" ලකුණ යටතේ තරගකිරීමට නායකත්වත්ය දෙන්න.