රංජන් කස්තුරි
පළාත් පාලන ආයතනවලට අතිරේක ලැයිස්තුවෙන් නියෝජිතයින් නම් කිරීමේදී පවුලේ සාමාජිකයින් ආසන්නතම ඥාතීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් පත් කිරීමෙන් වළකින්නැයි ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ඇමති දුමින්ද දිසානායක මහතා ශ්‍රිලනිප ආසන සංවිධායක වරුන්ට දන්වා තිබේ.
පක්ෂයේ ප්‍රධාන ලේකම් වරයා විසින් එවන ලද එම ලිපිය හේතුවෙන් ආසන සංවිධායකවරුන් අපහසුතානයකට පත්ව ඇතැයිද ඇතැම් සංවිධායකවරුන් ඒ පිළිබඳ විරෝධය දක්වා ඇතැයිද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආසන සංවිධායකවරුන්ට කැමති අයුරින් අතිරේක ලැයිස්තුවේ නියෝජිතයින් පත් කිරීමටන් අවස්ථාවක් නොලැබීම හේතුවෙන් ආසන සංවිධායකවරුන් පක්ෂය ගැන තව තවත් කලකිරීමට පත් වන බවද එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
රටට කරන්න නොවෙයිනේ ආසන සංවිධායක ධූරය ගත්තේ තමන්ට කර ගන්න මිසක්
ඕක ඉතින් කරන්න පුළුවන් දෙයක්ද .
අමාරුවෙන් ගොඩ අවේ ඊත් අපිට ඕනේ හැටියට කන්න දෙන්නේ නෑ. රටට හෙන ගැහුවත් අපි ගොඩ යන්න ඕනේ.
ඡන්ද දායකයෝ ඉන්නේ ආසන සංවිධායකවරු ගැන කලකිරීමෙන් !!!
අනේ ඇයී මේ ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන් පක්ෂය ගැන කලකිරීමකින්! ඒගොල්ලන්ට රජ පවුලේ දෑත ශක්තිමත් කරන්න එකතු වෙන්න පුළුවන්නේ!