ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළව පක්ෂය ලිපි බාර දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් දින 7 ක් ඇතුළත කරුණු දක්වන ලෙස ඔවුන්ට එම ලිපි මගින් දැනුම් දී ඇතැයි ද හෙතෙම කීය.
අද (4) පැවති මාධ්‍ය හමුවක දී ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.
ලක්ෂමන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා , එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා සහ ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන්ට මෙලෙස ලිපි බාර දී තිබේ.
(28535)
COMMENTS
ගිරා බෙනේට රිලව් රිංගුවම වෙන දේ ගැන කිව්ව කථාව මතක් වුණා.
විනය පරීක්ෂණ කරලා විතරක් මදි, මොවුන්ට ඡන්දෙ දීපු ඡන්ද පාක්ෂිකයින්ව නොමග යැව්වට නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.
දැන් මෙයා මෙහෙම හැසිරුනාට, බැරිවෙලාවත් සජිත් බලයට අාවොත්, මෙයාත් ආපහු යූ.එන්.පී. එකට හේත්තු වුණත් පුදුමයක් නොවේ. රනිල් එපාවෙලා මහින්ද ලඟට ගිහින් රනිල්ට ගැහුවා. මහින්ද ලඟ ඉඳන් පහුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිට පට්ට ගැහුවා. ආපහු මෛත්‍රි ලඟට ඇවිත් මහින්දට ගහනවා. මේක තමයි දේශපාලන හපන්කම්...
මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කර තිබෙන්නේ ඔවුන් පක්ෂයේ මතයට පිටින් කටයුතු කරමින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීම නිසා බවයි පෙනෙන්නේ. එහෙම නම් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන" දෙවතාවක්ම ප්‍රසිද්ධියේ පොහොට්ටුවේ සාමාජිකත්වය විතරක් නෙවේ... සභාපතිකමත් ලබාගෙන ඒ බව ලෝකෙටම ප්‍රකාශ කළ, පොහොට්ටුව ප්‍රවර්ධනය කරමින් දවස්පතා පන්සල් ගාණෙත් වෙනත් තැන්වලත් කතා පවත්වන" අයට මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ මොකද මහලේකම් මහත්තයෝ? බයටද නැත්නම් ලජ්ජා නැති කමටද?
ඉතාම හොද තීරණයක්..
එතකොට වර්තමාන ජනාධිපතිවරයා ඔය තත්වයට අාවේ නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට විරුද්ධව පක්ෂයෙන් එළියට බැහැලා තරග කරලා එයට සදාචාරාත්මක අයිතියක් තියනවද? අනිත් අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න...
පළමුවෙන්ම විනය පරීක්ෂණයක් තියන්න ඕනෑ. ශ්‍රීලනිපෙ ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව එජාපය සමග එකතුවී ඡන්දෙට ඉදිරිපත්වූ සිරිසේන මහතාටයි. තවද ශ්‍රී ලංනිපෙ ප්‍රධාන විරුද්ධවාදී සජිත්ගේ න්‍යායපත්‍රයට වැඩ කරමින් පක්ෂය එජාපයට එකතු කිරීමට කුමන්ත්‍රණය කරමින් පොහොට්ටුව සමග එකතුවීමට බාධා පමුණුවමින් විවිධ ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳවද දයාසිරිට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි..
මේ වෙලාවේ අපට ඕන රට බේරාගැනීමද? නැත්නම් අපිත් විනාශ වී, රටත් විනාශ කර පක්ෂය රැකගැනීමද කියලා හිතුවොත් හොඳයි. කාගේ කාගේත් කිල්ලෝටේ හුණු තියන බව අමතක කරන්න එපා. ඒ අයත් අපේම මිනිස්සු තමයි...
මේ වෙලාවේ අපට ඕනෑ රට බේරාගැනීමද, නැත්නම් අපිත් විනාශ වී, රටත් විනාශ කර පක්ෂය රැකගැනීමද කියලා හිතුවොත් හොඳයි. කාගේ කාගේත් කිල්ලෝටේ හුණු තියන බව අමතක කරන්න එපා. ඒ අයත් අපේම මිනිස්සු තමයි...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් කියන්නේ ලොකු තනතුරක්... දරන්න බැරි කෙනෙකුට එවන් තනතුරක් ලැබුණාම හීනමානය එනවා.
හොඳායි..!! එතකොට අද පොහොට්ටුවේ නායකයා සහ සාමාජිකත්වය දරමින් නිදහස් පක්ෂය විවේචනය කරමින් පොහොට්ටුව ප්‍රවර්ධනය කරන නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිස ගැන විනය ක්‍රියාමාර්ග නොගන්නේ බයටද? මහින්දටත් විනය පියවර නොගන්නේ බයටද?
19 ට අත උස්සපු අය දඬු කඳේ ගහනවා. අපිට, විනය පරීක්ෂණ ඕනෑ නැහැ.
අනිවාර්යයෙන්ම මොවුන්ව නෙරපා හරින්න පුලුවන්. මොකද ඡන්දේ ඉල්ලලා දිනපු අය නෙමේනේ. අර සිල්වා කාරයෙක් කරපු විකාර වැඩේ නිසා තමයි ඡන්දේ ඉල්ලලා දිනපු එවුන් පැන්නහම එලවන්න බැරි.. ජාතික ලැයිස්තු අයව නිකන්ම එලවලා දාන්න පුලුවන්... එක පක්ෂයක් විසින් කරන පත්කිරීමක් නිසා..
විනයක් නැති එවුන් විනය ගැන කතාකරනවා. මුල් තැනින්ම පටන් ගත්තොත් නරකද?
තමන්ගේ පක්ෂයට විරුද්ධව ගිහින් තමන්ගේ ප්‍රධාන විරුද්ධ පක්ෂය එක්ක එකතු වෙලා ජනාධිපති වෙලා ආපහු පක්ෂයේ සභාපතිකම අරගෙන නැවත වතාවක් මහමැතිවරණය වෙලාවේ පක්ෂයට විරුද්ධව වැඩ කරලා දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා කියලා ඡන්දයට දවසක් තියලා ලේකම්ලා බලෙන් මාරු කරලා පැරදුණු එවුන් ලිස්ට් එකෙන් අරගෙන කරන්න පුලුවන් ඔක්කොම අළුගුත්තේරු වැඩ කරපු පොළොන්නරුවේ ගමරාළට විරුද්ධව පළමුවෙන්ම විනය ක්‍රියාමාර්ග අරගෙන ඊට පස්සෙ අනිත් අයට නීතිය ක්‍රියාත්මක කරන්න.
රිලාසිරිට ඔය තනතුර දුන්න අයට මඩුවලිගෙන් ගහන්න ඕනෑ...
එතකොට මහින්ද හිටියේ මොන පක්ෂයේද? විපක්ෂනායක කම ලැබුනේ මොන පක්ෂයේ සාමාජික යටතේද? දැන් මහින්ද සාමාජික වෙලා ඉන්නේ නිදහස් පක්ෂයේද පොහොට්ටුවේද? මහින්දට පොහොට්ටුවේ නායකකම ලැබුණා නේද? කෙනෙකුට පක්ෂ දෙකක සාමාජිකත්වයක් තියා ගන්න පුලුවන්ද? මහින්ද නිදහස් පක්ෂයට විරුද්ධව වැඩකරලා නම් ඔහුට විනය පරීක්ෂණයක් නැතිද? මහින්දට බයද?
යන එකෙකුට යන්න දෙන්න. මොන විනය පරීක්ෂණද?
ඔය කිසි ප්‍රශ්ණයක් නෑ පක්ෂ මාරුව තහනම් කරන්න. අපේ චන්දෙන් ගිහිල්ල අපිට ඕන නැති දේ කරන්න එයාලට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. අපේ නියෝජිතයා අපේ කැමැත්ත නියෝජනය කල යුතුයි. බැරිනම් අස්වී යා යුතුය.