( නාලක සංජීව දහනායක)
රූපවාහිනියේ විහිළු කතා කීම නවතා දකුණු පළාතේ පැතිර යන උණ රෝගය පාලනය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම මැදිහත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා අද (70) පැවසීය.
මෙම උණ රෝගය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් දකුණු පළාතේ සාමාන්‍ය ජනජීවිය සම්පූර්ණයෙන්ම අවුල්වනු ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (7) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
මේ වනවිට දකුණේ උණ රෝගයක් පැතිර යනවා. ඒ හේතුවෙන් දකුනේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. දෙමාපියන්,දරුවන්,වෛද්‍යවරුන්,හෙදියන් ඇතුලූ සියල්ලන්ගේම ජීවිත අවදානමකට ලක්වෙලා. එහෙත් මෙම වසංගත තත්ත්වය පාලනය කරන්න සෞඛ්‍ය අමාත්‍යංශය මේ වනතුරුත් කිසිම පියවරක් අරගෙන නැහැ.
රෝගය සඳහා ප‍්‍රමාණත් ඖෂධ නැහැ. සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය ඉදිරියේ විහිළු නොකියා මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඉතාම ඉක්මනින් විධිමත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බවද මන්ත‍්‍රීවරයා කීය.
2025 දෙසැම්බර් මස 30
68
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
725
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘ විහිළු කතා කීම නවතා දකුණේ උණට විසඳුමක් දෙන්න‘