(ශිරාන් රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාට අමතරව රජයේ සේවකයින් 18000 කට වාහන බලපත්‍ර හිමි බව පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු සමත් රත්තප්‍රිය මහතා පැවැසීය.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රටවල් ගණනාවක මුදල් ඒකක වල වටිනාකම පහළ වැටීම හමුවේ මස හයකට හෝ වාහන බලපත්‍ර ලබා නොදීමට රජය ගත් තීරණය හොඳ බවද හෙතෙම කියා සිටියේය.
හදිසි ආර්ථික අර්බුදය හමුවේ අපනයන වැඩිකර ආනයනය සීමා කිරීමට රජය කතාකළද නිෂ්පාදනය නොමැතිව එය ප්‍රායෝගිකව කළ නොහැකි බවද පැවැසීය.
එනිසා රජය මීට වඩා සැලසුම් සහගත ලෙස මෙම අවස්ථාවේ කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ මහතා කොළඹ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කණ්ඩායම මේ අකාර්යක්ෂම යහපාලන රාජ්‍ය කලමනාකරණය රටේ ස්ථාපිත වීමට සෘජුවම වගකිය යුතු කල්ලියක්. මේ ආණ්ඩුවේ මහ බැංකු හොරකම් හා අනෙකුත් වර්තමාන මූල්‍ය වංචාවලට දැඩි නිහඬ පිළිවෙතක් මේ අය ගෙනියන්නේ...
ඔය ඉන්නේ...නියමෙට රැවටිලා, ලංකාවේ අසරණ පුරවැසියෝ ටික.
දැන් ඉතින් දොස්තර මහත්වරු සහ අනෙක් අය වර්ජන එහෙම කරයිද දන්නේ නැහැ.
රජයේ සේවකයන්ට වාහන බලපත්‍ර හිමි නොවන අතර හිමිවන්නේ රජයේ නිළධාරීන්ටය. මෙයිනුත් බලපත්‍රයට වාහනය ගන්නේත් පාවිච්චි කරන්නේත් වෛද්‍යවරුන් පමනක් බව පෙනේ. අනෙක් බොහෝ දෙනෙක් බලපත්‍රය විකිනීම කරනවා. බලපත්‍ර මත වාහන ගත්තත් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ කාර්යාලයේ වාහනයට මසකට රුපියල් දාහක් හෝ දෙදාහක් ගෙවා පුද්ගලික පාවිච්චියට ගන්න පුලුවන්. මෙය බදු ගෙවන ජනතාවට කරන අසාධාරණයක්
මමත් වාහන බලපත්‍ර හිමි රජයේ සේවකයෙක්. මමත් මෙම තීරණයට එකහෙලාම කැමතියි. ඒ විතරක් නෙවෙයි මේ රටට ගෙනෙන සියලුම වාහන අවුරුදු 5 කට සීමා කල යුතුයි. මගීන් ප්‍රවාහනයට ගෙනෙන බස් වලට පමණක් සීමා සහිතව ආනයනය සඳහා අවසර දිය යුතුයි
දේශපාලකයොයි, පුරවැසි සංවිධානෙයි අපිව රවටන්නනෙ මේ කියවන්නෙ. ඇත්තටම මේ මිනිස්සු කාවද මේ රවට්ටන්නේ? ලක්ෂ 62 මේවාට රැවටුනාට හැමෝම අහු වෙන්නේ නැහැ.
මේගොල්ලෝ හිතන්නේ රටේ සාමාන්‍ය ජනතාව මෝඩයෝ කියලද? වාහන බලපත් දැනටමත් ලබාගෙන තියනවා කියලා එක පිරිසක් කෙලින්ම කියනවා. අනේ අනිච්චන්! මේ පුරවැසි සංවිධානවල ඉන්නේ අපේ රටේ පුරවැසියන් නොවෙයි වගේ. ඔක්කොම හොරු. හොරුන්ව ආරක්ෂා කරන්නයි හැම විටම උත්සාහ කරන්නේ!
ඔය කියන පුද්ගලයාගේ වාහනය අරගෙන ඉවර ඇති.
හෙදියන්ටත් තීරුබදු සහන සහිත වාහන බලපත්‍රයක් ලබාගැනීමට ඔබතුමාගේ සහයෝගය ලබාදිය යුතුයි. දැනට රජයේ ඉහල නිලධාරියෙකුට රුපියල් මිලියන 3.5ක සහනයක ලබා දෙනවා. ඩොලර් පිටරට ගලා යාම පාලනය වුනත් රජයට අහිමිවන බදු ප්‍රමාණයත් සැලකිල්ලට ගත යුතුයි.
හෙදතුමා ඇත්ත නොදැන කතා කරනවා
මහත්තයෝ, ගන්න තියෙන අය තමන්ට අරගත්තට පස්සේ තමයි ඔය සාමාන්‍ය අයට වහනයක් ගන්න තියෙන අවස්තාව නැති කරලා තියෙන්නේ .
ආණ්ඩුවේ තවත් බත්බැලකුගේ කතාවක්. අපට කමක් නෑ අර 225 ට තහනම් කලාට. ඒත් රටේ මහජනතාවගේ අයිතිවාසිකම් අහුරන එක වැරදියි. ආර්ථිකය කඩා වැටුණේ පාලකයන්ගේ වැරැද්ද නිසයි.
අනේ මෙයාලගේ පම්පෝරිය. හෙද නිලධාරීන්ටත් වාහන බලපත්‍රය ඉල්ලලා නහින මෙයාල දැන් බබාලා වෙන්න හදනවා. මම දන්නා විදියට ඩොක්ටර්ලම ඉන්නවා 18,000ක් විතර. ඊට අමතරව තව විධායක නිලධාරීන් කොච්චර ඉන්නවද අනෙකුත් සේවාවන්වල? අඩු ගානේ එකවත් දන්නේ නෑ. සියල්ල දත් වගේ කතාව.