IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


වාහන තුනක් ගැටී රාජකාරියේ සිටි පොලීසියේ 3ක් රෝහලේ

(මොහොමඞ් බුහාර්ඩින්)
 

දඹුල්ල කුරුණෑගල ප්‍රධන මාර්ගයේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේදි පොලිස් ජිපි රථයක් ,  මොටර් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් මහමග රාජකාරියේ කරමින් සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු හා කම්කරුවෙකු තුවාල ලබා රොහල් ගත කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
 
අද( 28)  අලුයම මඩකලපුව සිට කොළඹ බලා යමින් තිබු මොටර්  රථයක් ගලේවෙල යටිගල්පොත්ත මං  සංන්දියේදි එහි රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි කොළඹ සිට එරාවුර් බලා යමින් තිබු වෑන් රථයක ගැටිමෙන් පසු රථ දෙකමාර්ගයෙන් ඉවතට පැන ඒ අසල රාජකාරි කිරිම සදහා නවතා තිබු ගලේවෙල පොලිස්ථානයේ ජංගම සංචාර ජිප් රථයේ ගැටි නතර වි මෙන් මෙම අනතුර සිදුවි ඇතැයි ගලේවෙල පොලිසිය කරන ලද මුලික විමර්ශන වලදි හෙළිවි ඇත.
 
අනතුරින් ගලේවෙල පොලිසියට අනුයුත්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක කරුණාරත්න  පොලිස් සැරයන් 48407 සමරකොන් හා කොස්තාපල් 34854 තිලකරත්න හා කම්කරුවෙකු තුවාල ලබා ගලේවෙල දිසා රොහලට ඇතුළත් කර ඇත
 
පොලිස් නිලධාරින් පිරිස මාර්ගය දෙපස නිති විරෝධි මැතිවරණ පොස්ටර් ඉවත් කිරිමේ රාජකාරියක නිරතව සිටියදි මෙම අනතුරට භාජනය වි ඇතැයි පොලිසිය පවසයි.
 
අනතුරින් පොලිස් ජිප් රථයට හා එහි ගැටිනු වැන් රථය හා මෙටර් රථයට බරපතල හානි සිදුවි ඇති අතර මෝටර් රථයේ හා වෑන් රථයේ සිටි පිරිස නිරුපද්‍රිතව දිවි ගලවාගෙන ඇතැයි පොලිසිය පවසයි.
 
අනතුර සම්බන්ධයෙන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කිරිම සම්බන්ධයෙන් මොටර් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන 28 දා දඹුල්ල මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව බව පරීක්ෂණ  මෙහෙයවන ගලේවෙල පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසිය.



අදහස් (0)

වාහන තුනක් ගැටී රාජකාරියේ සිටි පොලීසියේ 3ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 282 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 319 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1247 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site