(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ පිහිටි විදේශීය රටවලට කුළුබඩු අපනයනය කරන කර්මාන්ත ශාලාවක විස වායුවක් ආඝ්‍රාණය වීමෙන් එහි සේවය කළ සේවිකාවක හා සේවකයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ පදිංචි මධුෂාන් ජයවර්ධන (19) නම් තරුණයෙක් සහ දඹුල්ල ඇඹුල්අඹේ ප්‍රදේශයේ පදිංචි එච්. එම්. ජී. නිරෝෂා දිල්රුක්ෂි (30) එක්දරු මවකි.
කර්මාන්තශාලාවේ දේශීය කුළු බඩු ඇඹරුම් සකස් කර විදේශීය රටවලට ආපනය කිරීමේ ක්‍රියාවලිය සිදු කෙරෙන අතර දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද යන්ත්‍රානුසාරයෙන් කුළුබඩු ඇඹරුම් සිදු කර ඒවා ඇසුරුම් සිදුකිරීම සිදු වන බව පොලීසිය සඳහන් කරයි.
ඊයේ (22) රාත්‍රියේ 9.30 ට පමණ ආහාර රසකාරකයක් වන සේර නැමැති අල වර්ගයක් පිටි කරමින් සිටියදී එකවරම මෙම සේවිකාව සහ සේවකයා කලාන්තයේ වී ඇද වැටී ඇති අතර පසුව ඔවුන් රාත්‍රියේම දඹුල්ල රෝහලට ගෙනවිත් තිබේ.රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ වන විට කර්මාන්තශාලාව මුද්‍රා තබා ඇති අතර පොලිස් ආරක්ෂාව යොදවා ඇත. සිද්ධියට නිසි හේතුව සොයා දඹුල්ල පොලීසිය පරීක්ෂණ අරඹා ඇති අතර මෘත ශරීර දඹුල්ල රෝහලේ තැන්පත් කර තිබේ.මහෙස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුළු බඩු ඇඹරුම් ස්ථානය කින් මැරෙන්න තරම් විශ වායුවක් එන්නේ කොහොමද කියල හිතෙන්නත් අමාරුයි .
ජගත් ලියනගේ කියනවා වගේ මමත් හිතන්නේ ඕක ඔහොමවෙලා නැහැයි කියලාය.
සේර ගැන දන්නා අය දන්නව ඒක අඝ්‍රාණය වුනාම මාරාන්තික වෙන්න පුළුවන් කියන එක. ඔතන වහපු කාමරේක සීත තැනක. ඕනවට වඩා වාෂ්ප එකතු වුනාම ඔහොම වෙන එක ස්වාභාවිකයි. කපටි ව්‍යවසායකයෙක් හෝ ආරක්ෂණය නොදන්නා ව්‍යවසායකයෙක්.