(ඉන්දිකා රාමනායක / ප්‍රසාද් රුක්මල්)
විසා සහ විදේශ ගමන් බලපත්‍ර නොමැතිව බණ්ඩාරවෙල නගරයේ කෝවිලක් අසල රැදී සිටි ඉන්දියානු ජාතිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය කියයි.
මොවුන් මෙම කෝවිල අසල සැකපිට රැදී සිටින බවට බණ්ඩාරවෙල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව ඊයේ (18) රාත්‍රීයේ 11 ට පමණ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
මොවුන් වයස අවුරුදු 24,25,29,53 යන වයස් වල පසුවන්නන් වන අතර මොවුන් අද (18) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිමය ගේන අපේ ලොකු අයියගේ රටේ නෑදෑයෝ. මේ අය අාවොත් ලෝකේ ඕනෙම රටකට ආයිත් දුම්මල ගහලවත් එලවන්න බැහැ. හඳේ පෙට්ටි කඩයක් ඉස්සෙලම දැම්මොත් බෝතල් පත්තර එකතු කරන්න හරි නම් ඉන්දියන් කාරයෙක් තමයි.